Tags : sad

ආලෙන් බැඳුණු හැටි මතකද අපි බාලේ…

පි : යායෙන් ගෙනෙන ගෙතු ලස්සන මල් මාලේමාතෙන් රැගෙන නුඹ ගෙලවට බැඳි තාලේරාසෙන් මවෙත පෙම් කවිමල් කියු කාලේ ආලෙන් බැඳුණු හැටි මතකද අපි බාලේ… ගැ : විල්තෙර නියර අද්දර මැද වතුසුද්දකඩමණ්ඩියේ මතකය හිත පිරිමැද්දමාමෙන් නුඹත් පෙම් බැඳි ඒ ගම්බැද්දඅයියණ්ඩියේ හැරයමි පෙම පරසිද්ද… පි : බඹරෙක් කොහිද මල් නැති මිහිකත බැඳුණුකුසුමක් මොටද නැති පිය සුවඳක ගිලුණුගිජිඳෙක් මොටද […]Read More

නන්දනී මට වෙඩි තියපං!

මෙහේ පොල් හිස් සිඹින උස් සුළංතල් හිසුත් සිඹන බව විහඟුන්ට කියපංපිච්ච නොපිපුණු හවසක, පිපෙන නියගලා මල්,සැක නැතිව කෝවිලේ තියපංනියගලත් මලක් බව දෙවියන්ට කියපං… ‘අ’ යනු ගැළපුණු කප්පරක් නුඹෙ හසුන්මං ළඟ තවම තියෙනව ද අහපංයකඩ අළු වුණු භූමියක, කඩදහි කතා කුමට ද ?නුඹ නාඬ හිටපං… අපි ගිනි තියපු තැන් වල අපිම අළු වෙනව දැක්කම” උඹට මොනව […]Read More

ප්‍රේමයකි අ(න)ර්ථවත්.

මා දුර්භීක්ෂයකට හසුව මළගම් ගිය ආලවන්තයෙකුගේ අදෝනාව කියන්නට කැමැත්තෙමි... අසන්න හිතවත, එයද හීන වරුසාවක උත්තරීතර කතා වස්තුවක්මය පින්තාරු කරපු තරු වලල්ලක රතුපාට තරුවක ප්‍රේම කතාවකි.. පිනි වැටුනු හීන මල් තෙමුනු හවසක අදෝනාදෙන චන්ඪ මාරුතයකි.. වැහිලිහිනියන් ගීගැයූ මන්දාරම් උදයක නොසිතූ විරූ කලබල වූ මල්කැකුල මිලින වූ දුකට වැලපෙන එක් ප්‍රේමවන්තයෙකි, ඉහිලුන් නොදෙන හීන ලෝකයක බොරපාට කදුලු […]Read More

අවාරේ

වැපිරූ ගොයම නෙළා ගන්නට බැරිව ඇති නොසිතූ කාලෙක වස් දහසක් සේය වැදී අකලට වැනසී ගොයමට පණ දෙන්ට නොහී මග දුටු කලෙක නුඹේ සිනහව සිතට ඇති අරලිය කිනිත්තක් වේ අත්තක පහළ පිපිලා සුදට පුදසුන වෙත යන ගාන කොහොම යමුද පුන් පෝයක් ඇති ලෙසට අමාවකයි අද පුන්සඳ නැති ගාන සයුරට බැසිමි වාරකනක් මග ඇරලා රුවලක් දැම්මෙ සුළං […]Read More

හිත ඉල්ලන නුඹ

හිත ඉල්ලනවා උඹවම කොච්චර එපා කිව්වත් තාමත් මේ හිත ගැස්සෙනවා උඹේ නමින් හැම මොහොතක… මම දන්නවා ඒක උඹ දන්නවා කියලා ඒත් උඹ නොදන්නවා වගේ ඉන්නවා මට ඕන කලේ උඹත් එක්ක යන්න ඔව් ලොකු දුරක් උඹත් එක්ක… මම උඹ ලග වැදවැටුනේ මට උඹ ඕන නිසා ඒත් බාල්දු වුනේ මගේ ආදරේ විතරයි ඇහෙන මානෙක ඉන්නවනම් වරෙන් විගහට […]Read More

අල්තීනායි මේ දුක කියනේ නුඹට

උල්පත වුවත් ගඟකට මුල් දියත්තගඟ ගලනවාමයි හැර දිය කඩිත්තප්‍රේමය පාඩමයි නුඹ ගෙන් උගත්තදුක් ගීයක මුල් තනුවට නිමිත්ත දෑතින් වැළඳ ගනු බැරි තරමට විසලගඟ දිය දහර නුඹ ගොළු හදවත නිසලතනි අයිතියට නතු කරගනු බැරි කලටඅල්තීනායි මේ දුක කියනේ නුඹට මතකය කපුරු මෙන් අවුලාලනු කෙලෙසඅළු වත් ඉතිරි වෙනවාමයි හද කොනකදුටුවත් නුදුටු සේ බැලුවත් නුඹ අහකමා ගැන මතක […]Read More

තවත් මා නම් තනිවෙලා

කාල විහගුන්- ඈත පියඹන මතක එක දෙක එක් කරා හදේ තනිවුන- සොඳුරු කවියට මන්දිරේ හද පෙම් කරා මගේ නොම යැයි -කියා සිතනට හදේ රාවය මැලි වුණා නුඹත් අන්සතු -කවක් වූ විට ප්‍රේමයත් සරදම් කලා සිතේ කෙලවර -නූඹේ පුරවර නුඹත් රඡිදෙකු වෙලා මගේ සිතුවිලි -අතර හිදිමින් වසන්තයේ මල් පීදුවා අවරගිර නුඹ- බසින කල මම දුටුවෙ අඩ […]Read More

හමුවේ ද වසන්තය…

පතුලක් නොපෙනෙන ලොව ගැඹුරු ම තැන  මංමුලා වී ඒ මේ අත වැනෙන………….  සොයා යන්නට දැරුව ද වෙර  එහෙත් හමු නොවන…………… නිවී ගිය ප්‍රභාව  යළි දල්වන්නට හැකි වේ ද දෙන්නට මද එළියක්  ඒ මියුණු තරුවට…………….  සරතැස නිවා සනහන්නට  හැකි වේ ද දෙන්නට දිය පොදක්  කතරට……………… Spread the love!            Read More

මගේ නොවෙයි නුඹ-කියයි අදත් මම

හැගුම් පේලි වල -හෙමින් ඇවිද යන මගේ නොවෙයි නුඹ-කියයි අදත් මම ගෙවුණු අතීතෙක- සොඳුරු මතක වල ලගම හිටිය නුඹ- කවුරු කියන් මට දැනෙන ඇසිල්ලක-නුඹ නැති පාලුව දවන හදවතක් -අයිති කලේ අද නුහුරු මගක ගිය -මගේ නොවුන නුඹ මගේම වුනිදැයි- තවම සොයමි මම යලි හමු නොව මැන-පිලිතුරු කුම වුව නුඹ නැති ලෝකේට- හුරුපුරුදුයි අද ඝෝර සසර […]Read More

අමතක මතක….

වහිනකොට ලොකු වැස්සක් හිතට ආවෙම මහ අමුත්තක් ඉදහිටවත් මතක් නොවෙන්නම අමතක කරපු මතකයක්…. ඒ්ත් මේ කරුම වරුසාව මට මතක් කරන්නෙම හෙණ ගහපු ඒ් අතීතයමයි…. -තිවන්තිකා අතපත්තු@සද් එඩෙර Spread the love!            Read More