Tags : ජීවිතය

නුඹ ඇවිත්..

තුටින් නැතිමුත් තුටින් බව නිබඳ       හඟවමින්.. වැඩ කන්ද යටට වී මොණර කොල    අඳුනමින්.. ගමට යන්නට මහා හීන ගොඩ          පුරවමින්.. විඩාවේ දා බිඳුව කොළොං පුර           හඬවමින්.. යහ‍‍ලු යෙහෙ‍ළියෝ නම්‍ සතර අත                 සිටිමින්.. කෝපි තොල ගාන්නට නොආ කල ගැන      සිතමින්.. විවේකය නු‍‍ඹට ඉඩ පෑල දොර                       […]Read More

ඔබ….

එනතුරු බලා සිටි ඔබ ඊයේ හැන්දාකරේ නොසිතූ මොහොතක නොසිතූ විලසට මා අභිමුඛයට පැමිණියාය. දැන් මදක් සිත සැහැල්ලුවෙන් ය. බලාපොරොත්තු එකින් එක හිතේ ගුලි වෙයි. අද දිනයද ඔබටම කැප වුණෙමි. ඔබේ ආගමනය සමඟ සිනහව කැන්දූ මුහුණු බොහෝය. ඒ මූණු දකින විට දැනෙන හැඟූම විස්තරයට වචන නොමැත. නොබෝ දිනකින් ඔබ මගේම වනු ඇත.. Spread the love!            Read More

මහත්තයෝ…

මහත්තයෝ මේ අහන්න… ආදරෙයිනෙ මම ඔයාට  හිතට දුකක් එපා දෙන්න සංසාරෙම ළගින් ඉන්න දුක් කරදර හැම දෙයක්ම බෙදා හදන් ඔයත් එක්ක හැමදාමත් දිවි ගෙවන්න මං ඉන්නවා ඔයා ලගම Spread the love!            Read More

උල්කාපාතිනී

තාරකා නිවුන අහස් කතරේ සඳ නැති රැයක ගිනිගත්ත උල්කාපාතී.. ආලෝක වර්ෂ ගෙවා ආදර අරමුණක් සොයා චක්‍රාවාට අතරින් පැමිණියා උල්කාපාතී .. කැඩීබිඳීවිසිරුණු හීන අහුරක් සිරකරන් අලුවෙමින්පොළොවට වැටෙනා උල්කාපාතී.. කළුවළාඅතරින් පොළොවට ගිනිඅරන් ආවේ උඹ අනවසරයෙන් උල්කාපාතී.. මා මියෙන බව දැන දැනත් උඹ මා ඉම්බා ඇවිලුණු රාගෙන් මා උඹට ඉඩදුන්නා උල්කාපාතී.. Spread the love!            Read More

නොදනිමි….

ළඳලු තුරු අග සුවඳ දෙන මුදු මලි පිපෙන විට නුඹට මට මෙන් නැවත අපෙ පෙම සිහිවේද නොදනිමි.   අතින් අත් පටලාන ඇවිදින අහිංසක පෙම් යුවල් දුටු විට නුඹට මට මෙන් නැවත අපෙ පෙම සිහිවෙද නොදනිමි.     අමාවක දිගු රැයක් ගත වී පුරා පසළොස්වකක් එනතුරු නිදි වරා මා බලාඉන්නා සේ නුඹත් නිදි වැරුවාද නොදනිමි.   […]Read More

ධීවර බිරිදට

ත‍ොටුප‍ොල හැරලා ඔරුව දියඹට ලංවදේදි මං දැක්කා උඹ‍ේ ඔය මූණ‍ෙ තිබ්බ දුක. අත වනලා උඹට යන්නම් කියන්නවත් පණක් තිබ්බ‍ෙ නෑ, හිත‍ේ තිබ්බ දුක ඔඩු දුවලා අත වාරු නැතිවෙලා ගිහින්. මටත් බෑ බං මාස ගානක් ඈත මුහුද‍ෙ තනිව‍ෙන්න, ඒත් දෙවියො අප‍ේ දෛවය ලියන්න ඇත්තෙ මෙහෙම තමා, ඉතින් මං මොනවා කරන්නද බං… දුප්පත් කමත් හරියට වලිගය නැති […]Read More

රැයයි ඇයයි

අතු රිකිලි නැමුණට  දියට ගඟ අවනත නැහැ තව සඳ රැස්  වැටෙන  රෑ යම කුළුදුල් රාත්‍රිය ගත කරන්නට … උණ පඳුර ළඟ කළුවර හැඩයි තරු සපිරිවර පේන්නට නැහැ ළඟක ඔතරම් කෝලයෙන් මිරිකෙන්නට එපා නොරිද්දා සිබින්නට බැරිය උවනත සිතට රිසිසේ වැළඳ එක් වරක් හෝ නිසොල්මනේ ඉන්ට සිල් බිඳින අඳුරටම ඉඩහැර සඳ සඟවෙන්න වළාවක් තුරුලට Spread the love!            Read More

අත්(නො)හළෙමි

දෙව් ලියක් දුටුවෙමි. නැත. ඇය යකින්නක්. රැවටුණි. පැරදුනෙමි ප්‍රේමයෙන්. අත් හළෙමි ඇය. නමුත් අත් නොහළෙමි ජීවිතය.     Spread the love!            Read More

අද නොහැකි නම් අන් තැනෙක ඔබව හිමි කර ගනිමි මම….

  වසන්තය පැමිනි කල හඬනගා හිනැහෙන්න මට දුන්න අවසරය අරන් ඔබ දුර යන්න… කඳුළු කැට එක් වෙච්ච නෙත් කවුළු තුලින් මම සොයන්නම් ඔබේ රුව නිබඳ ආදරය කල සුසුමකින් සිර කෙරුව දුකින් දැවෙනා හදට හි රි පොදක් වෙලා හෝ වැටෙනු මැන හෙට දවස දිගු මෙහෙ සසර මග එක් නවාතැන්පොළකි මෙය අද නොහැකි නම් අන් තැනෙක ඔබව […]Read More