වින්දා මෙනි දිවසිරි සරතැස නේනූබැන්දා වැඩි අතැඟිලි සියුමැලි රේණූරන්දා මුව නළලත අඩසඳ පීනූකැන්දා යමි හඬවමි මංගල සීනූ… සසරක් නොහැර මා තනියට සිටිය පෙමමෙතුවක් කලක් දුනි දිවියට රසය අමඅහසක් මදිය එය කුමකට කරමි සමඅතරක් නැතිව නුඹ වෙත පෙම් කරමි මම… සුපෙම්වතිය හද සොම්නස කිරුළු දැරූහැඟුම්වතිය සුලු දෙයටද කඳුළු පිරූසරස්වතිය මගෙ හදවත එකලු කෙරූඅරුන්දතිය සිත කළුවර කෙරුව […]
ගඟක් බැඳුනි සෙනෙහස සාගරය තලේළහිරු දකින සඳරැස ආලයක ගිලේබඹරු රැඳෙන මොනවට මානසය විලේමලක් කිමද මලකට ආදරය කලේ… සඳත් තරුත් කිසි නුහුලන නර නින්දාඑදත් අදත් අප සවනත නිති වින්දාගතත් සිතත් මගෙ සියුමැලි වැඩි හින්දාගලුත් මුලුත් ගෙන හදවත උන් බින්දා… ඉරගල වැටෙන දුක්බර ගනඳුරු ජාමේකළුවර ගලන විල්තෙර ගෙලබැඳි දාමේසැළලිහිණිය පෙම් කවිමල් නැති ජාමේඋලලේනියෙ උඹ හඬපන් රෑ යාමේ… […]Read More
පින්බර වතේ දිවසිරි නිරතුරු විඳිමිකින්නර ලඳේ කිඳුරිඳු වෙන්නෙමි පතමිපෙම්බර නගේ නුඹෙ හද ජයගමි දිනමිදුම්බර හිතේ ඔය කඳු තරණය කරමි… දෙනුවන් හොවමි බිඳ නාලිය අඳුරු එමිපෙරුමන් පුරමි තුරු කාලය සතුරු නිමිසිහසුන් හොබමි නුඹ ආලය සොඳුරු හිමිදස්කොන් නොවෙමි මම සාලිය කුමරු වෙමි… විකසිත දෑස සැඟවූ පෙම් රහස අගේගංතෙර දෑල සිරවී ඇති ඉවුරු වගේනවදැලි හේනෙ තැනවූ නව පැලක […]Read More
මුදු සුසිනිඳු අතැඟිලි දිව ලොවක සුව මෙනීමුතු සළුපට ගිලිහෙන විට තිසර පට තුනීපෙම් මුවරඳ දැවටෙන කල ලවන් මත දැනීවෙන කුමට ද අමයුරු රස විළඳ මී පැණී… මන්මත පුරා මන්මද වෙස් ගතෙහි වෙලාමල්පෙති දවා උණුහුම දස් දෙසෙහි ගලාරොන්රස උරා වුවනත හිස් ලවන් පෙලාහංකිති කවා බඹරිඳු මල් කිනිති තලා… සුරඟන මා පියබඳ මනනඳ සබඳසිඳගන නුඹ පුන්සඳ මනරඟ […]Read More
පි : යායෙන් ගෙනෙන ගෙතු ලස්සන මල් මාලේමාතෙන් රැගෙන නුඹ ගෙලවට බැඳි තාලේරාසෙන් මවෙත පෙම් කවිමල් කියු කාලේ ආලෙන් බැඳුණු හැටි මතකද අපි බාලේ… ගැ : විල්තෙර නියර අද්දර මැද වතුසුද්දකඩමණ්ඩියේ මතකය හිත පිරිමැද්දමාමෙන් නුඹත් පෙම් බැඳි ඒ ගම්බැද්දඅයියණ්ඩියේ හැරයමි පෙම පරසිද්ද… පි : බඹරෙක් කොහිද මල් නැති මිහිකත බැඳුණුකුසුමක් මොටද නැති පිය සුවඳක ගිලුණුගිජිඳෙක් මොටද […]Read More
කාලෙකින් කවියක් ලියන්නට මට හිතුනත් නෑනේ දැන් මට වෙලාවක් බැදලානේ මං කසාදයක් රෙදි ටිකත් මැදලා කෑමත් බෙදලා දීලා සැමියාව පිටත් කරලා දවස අරඹන්නේ උදේ ඇහැරලා අම්මේ ඔබේ අගේ නිරන්තරයෙන් සිහිවේ වෙනසක් නැතත් නැන්දම්මාගේ ගෙදරමයි හිත දුවන්නේ බැන්දාම කෙල්ලෙක් ඇත්තමයි ලොකු වගකීමක් හිටියොත් මට දුවක් නෑ ගන්නේ මං කිසි වැඩක් Spread the love! Read More
සමහර පින්තූර හිත අතීතයට ඇදන් යනව කිව්වොත් 200%ක් කව්රුත් පිළිගන්න ඇත්තක්! නැහැ, ඇත්තෙන්ම අපේ ගෙදරවත්, අපේ ආච්චම්මගෙ ගෙදරවත් මේ කියන කුස්සියක් තිබ්බේ නෑ. හැබයි මම වාසනාවන්ත උනා ‘වහලේ හිල් වෙලා ඒකෙන් ඉර එළිය පෙරී ගෙන එන, පාන්දරින්ම දුම් කවුළු වලින් කේතලේ හු හඬ ඇහෙන’ කටු මැටි කුස්සියක ඉඳගෙන බත් කන්න! ඇත්තෙන්ම ඒ ගෙදර අපේ නෑදෑ […]Read More
අද වගෙම තමයි පොඩි කලෙත් මං ටිකක් මෝඩයි..? මේ සිද්දිය වෙනකොට මට අවුරුදු 8,9 ක් වගේ වෙන්න ඇති… ඉස්සර අපිට තිබ්බා කුඹුරක්. කුඹුරු යායවල් 2ක් මැදින් පාර තිබුනා . පැත්තකින් පොඩි ඇලකුත් ඇල උඩින් පාලමකුත් තිබුනා. අපිට ඒවා තහනම් කලාප! ජීවිතේටවත් ඒකෙන් නාලා නෑ. අපිට අයිති කුඹුර පැත්ත නෙමෙයි, අනිත් පැත්ත කුඹුරට තමා මං ආසම! […]Read More
මෙහේ පොල් හිස් සිඹින උස් සුළංතල් හිසුත් සිඹන බව විහඟුන්ට කියපංපිච්ච නොපිපුණු හවසක, පිපෙන නියගලා මල්,සැක නැතිව කෝවිලේ තියපංනියගලත් මලක් බව දෙවියන්ට කියපං… ‘අ’ යනු ගැළපුණු කප්පරක් නුඹෙ හසුන්මං ළඟ තවම තියෙනව ද අහපංයකඩ අළු වුණු භූමියක, කඩදහි කතා කුමට ද ?නුඹ නාඬ හිටපං… අපි ගිනි තියපු තැන් වල අපිම අළු වෙනව දැක්කම” උඹට මොනව […]Read More
මා දුර්භීක්ෂයකට හසුව මළගම් ගිය ආලවන්තයෙකුගේ අදෝනාව කියන්නට කැමැත්තෙමි... අසන්න හිතවත, එයද හීන වරුසාවක උත්තරීතර කතා වස්තුවක්මය පින්තාරු කරපු තරු වලල්ලක රතුපාට තරුවක ප්‍රේම කතාවකි.. පිනි වැටුනු හීන මල් තෙමුනු හවසක අදෝනාදෙන චන්ඪ මාරුතයකි.. වැහිලිහිනියන් ගීගැයූ මන්දාරම් උදයක නොසිතූ විරූ කලබල වූ මල්කැකුල මිලින වූ දුකට වැලපෙන එක් ප්‍රේමවන්තයෙකි, ඉහිලුන් නොදෙන හීන ලෝකයක බොරපාට කදුලු […]Read More


