Thishan

ඔබ….

එනතුරු බලා සිටි ඔබ ඊයේ හැන්දාකරේ නොසිතූ මොහොතක නොසිතූ විලසට මා අභිමුඛයට පැමිණියාය. දැන් මදක් සිත සැහැල්ලුවෙන් ය. බලාපොරොත්තු එකින් එක හිතේ ගුලි වෙයි. අද දිනයද ඔබටම කැප වුණෙමි. ඔබේ ආගමනය සමඟ සිනහව කැන්දූ මුහුණු බොහෝය. ඒ මූණු දකින විට දැනෙන හැඟූම විස්තරයට වචන නොමැත. නොබෝ දිනකින් ඔබ මගේම වනු ඇත.. Spread the love!            Read More

අහම්භකාරී… ❤ ❤

නොසිතූ මොහොතක නොසිතූ විලසට නුඹ ඇවිත් මගෙ ළඟටම ලාදුරු වැළඳි හදකට ඉසිනවා මුදු සෙනේ දිය කොට.. අසන,දකින තෙක් ඔබේ කටහඬ ඔබේ සඳවත බිහිරෙකුව සිටියෙමි…. අන්ධයෙකුව සිටියෙමි ….. Spread the love!            Read More

කුඹලෙක් මි…

නුඹ මැදුරු දොරින් වඩමන මා සෙනෙහසේ පාවඩ ඒ මතින් නුඹ කැන්දන සුදු හීන ඇවිත් දැවටෙන..   බෝ හීන මැවූ හිත ළඟ බොල් මැටි ගොඩක් පමණය ඒ මැටියෙන් පිළිසිඳී රූ උඳුන මතම පිච්චෙන..   ඇඟපතේ සවියට අවනත මුත් මැටි පිඬ නුඹ නොඑසේ යැයි දනිමි මගේ දෑත් මත හැඩවන..   මැදුර දොර අකැපමය කුලවත් නොවූ කරුමෙට උපතින් […]Read More

බෝගම්බර ….අද.

වල් වැදී ගිය මිදුල… අද පාලුවෙන් මිනිස් පයක පහස නොමැතිව… රූස්සෙට වැඩුණු බෝ මැඬේ දිනපතා මල් පහන් පුද දුන් මල් පහන් අද නැත්තේ මන්දැයි බෝ කොළ එකිනෙකා හා කොඳුරයි.. සෙමෙන් මිය යන තාප්පය…. ගරා වැටෙනා සිර මැඳිරි… අසන්නට නැතිව කටහඬ මිනිසුන් ඌ සිරකරුවන්ගෙ මහා දුකකිනි බලා ඉන්නේ… Spread the love!            Read More

අප්සරාවී…

උදා හිරු කිරණ කවුළු පියනෙන් පැලට ආවද සිනා රහිත නිදිබර මසිත පුබුදන්න   කැදැල්ලක් නැති ලිහිණියෙකු විලසට අහස්කුස සිසාරන මවෙත එක් අරමුණක් පෙන්වන්න   විහඟ ගි හඬින් කළඹවන සිහින ලොවේ පියාසරන්න ඔබ එක්ක ආදර පියාපත් මට දෙන්න…   — තිශාන් කුලසිංහ — Spread the love!            Read More

නිල් ඇස්

බැලූ විට ඒ නිල් දෑසින් නිල් පාට විය.. මහනෙල් මල්.. නිල්ම නිල් පාටැති විය විසල් අහසම.. තරුද නීල වර්ණයෙන් බැබලිණ.. ඇළ දොළ ගංගා වලද සප්ත මහා සයුරේ දා දිය කඳ ද නිල් පාට විය.. එබී බැලුයෙමි ඒ දෑසට මගේ දෙඇසද නිල් පාට විය.. — තිශාන් කුලසිංහ — Spread the love!            Read More

උල්කාපාතිනී

තාරකා නිවුන අහස් කතරේ සඳ නැති රැයක ගිනිගත්ත උල්කාපාතී.. ආලෝක වර්ෂ ගෙවා ආදර අරමුණක් සොයා චක්‍රාවාට අතරින් පැමිණියා උල්කාපාතී .. කැඩීබිඳීවිසිරුණු හීන අහුරක් සිරකරන් අලුවෙමින්පොළොවට වැටෙනා උල්කාපාතී.. කළුවළාඅතරින් පොළොවට ගිනිඅරන් ආවේ උඹ අනවසරයෙන් උල්කාපාතී.. මා මියෙන බව දැන දැනත් උඹ මා ඉම්බා ඇවිලුණු රාගෙන් මා උඹට ඉඩදුන්නා උල්කාපාතී.. Spread the love!            Read More

එන්නේද යළි මා සොයා

මා අසල හිද මුමුණන පහන් තෙපුලට නියම කරන්නේ කෙලෙසද මා නුඹට මුදලක් දුන් මුදල ගෙන අතට යාවී ඔබ මගෙන් ඉවතට ගියපසු පසුවදා එන්නේද යළි මා සොයා ……. ? Spread the love!            Read More

රැකියා වියුක්තිකයා

වසර ගණනක් වනපොත් කළ සයුර මෙන් වූ දැනුම පැය පහකින් කුරුටු ගාන ජීවිතයේ කඩයිම් වල පය පැටලී වැටෙමින් ලැබු එකම ධනය සහතිකපත් ෆයිල් තුල එකිනෙක ගොනුකර එක එකාගෙන් අහුලාගෙන හොඳට ඇඳ පැළඳ මනාව පීරූ හිසකෙස් වලට යටින් අවුල් වූ මනසකින් පියගැට පෙළ නැඟ පියකරු වතක් මවාගෙන විවර කරමින් දොර් පිවිසෙන්නේ පැතුම් පුරයට ගුඩ් මෝනිං … […]Read More

“අදෝනාව”

1990 වසරේ අතුරුදන් කරන ලද ඇඹිලිපිටිය පාසල් දරුවන්ගේ අඳුරු මතක පෙළහර … මෙම සිදුවීමට වසර 27 ක් පමණ වේ.මේ කඳුළු කතා පුවත ගෙන දෙන වේදනාව ඇසට කඳුළු උනවයි.මා මෙය කියවන විටදී ද එය එක් වරක් පමණක් නොව කිහිප වතාවක්ම සිදු වූවා .මෙම පාසල් දරුවන් මිය ගොස් තිබුනේ ඒ තරමට දැඩි වේදනා විඳිමින්ය. 89 කාලයේ භීෂණකාරී […]Read More