අරුන්දතිය

 අරුන්දතිය

වින්දා මෙනි දිවසිරි සරතැස නේනූ
බැන්දා වැඩි අතැඟිලි සියුමැලි රේණූ
රන්දා මුව නළලත අඩසඳ පීනූ
කැන්දා යමි හඬවමි මංගල සීනූ…

සසරක් නොහැර මා තනියට සිටිය පෙම
මෙතුවක් කලක් දුනි දිවියට රසය අම
අහසක් මදිය එය කුමකට කරමි සම
අතරක් නැතිව නුඹ වෙත පෙම් කරමි මම…

සුපෙම්වතිය හද සොම්නස කිරුළු දැරූ
හැඟුම්වතිය සුලු දෙයටද කඳුළු පිරූ
සරස්වතිය මගෙ හදවත එකලු කෙරූ
අරුන්දතිය සිත කළුවර කෙරුව දුරූ…

ඉහිරී ගලන මගෙ ආදර කතාවේ
කිඳුරී නුඹයි එහි සිහසුන පතාවේ
විසිරී ගලන සිඳගනවන් සිනාවේ
මිහිරී බැඳෙමි මතුදාටත් ප්‍රියාවේ….

If you have a Facebook account, please use the space above to reply. If not, leave a reply here: