සිංහලය අවසන් ද?

නිධාන කතාව :

“උප්පැන්න සහතිකයෙන් මව සහ පියාගේ විවාහක අවිවාහක බව හා ජන වර්ගය යන ශිර්ෂ ඉවත් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා සඳහන් කළේ, මව පියාගේ විවාහක අවිවාහක බව යන කාරණය හේතුවෙන් බොහෝ දරුවන් මුහුණ දෙන සමාජ ගැටලු සලකා බලා එම තීරණය ගත් බවයි.

මීට අමතරව මෙරට සියලු පුරවැසියන්ට නව උප්පැන්න සහතිකය නිකුත් කරන්නේ ශ්‍රී ලාංකික ලෙස සටහන් කරමින් බව ද රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය”

උපුටා ගැනීම – COLOMBO (News 1st)

පසු වදන :

01. ජාතිය ethnic group, race ලෙසට ගත් කල nationality සදහා ජාතිකත්වය/ පුරවැසිභාවය භාවිතා කරනු ලබයි එයිනිදු බොහෝ සේ ගැලපෙනුයේ ජාතිකත්වය යන්නයි. පුරවැසිභාවයට citizenship භාවිත කරන හෙයිනි. ethnic group, race අතරද වෙනස්කමක් පවතී, race හමේ වර්ණය, සිරුරේ හැඩය වැනි භාහිර කරුණු අනුව බොහෝවිට බෙදා වෙන් කරගන්න අතර ethnicity සංස්කෘතිය ඉතිහාසය මෙන්ම ජාතිකත්වයද බලපානු ලබයි. මා දකින ආකාරයට එලෙස ගත් කල සිංහල දමිළ මුස්ලිම් යනු ethnic group වන අතර race නොවේ.

02. රාජ්‍ය පාලනය යනු විද්‍යාත්මක විෂයක් වන අතර, ඒ සදහා දේශපාලන විද්‍යාව , ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, නිතිය හා අනෙකුත් විද්‍යාවන් වැනි විද්‍යාත්මක විෂයන් තුලින් ගොඩනැගී එම විෂයන් හරහා පර්යේෂණ කරමින් දියුණු වීම හා පවත්වාගෙන යාම සිදුවිය යුතුය.

03. ආගම, ජාතිය වැනි කරුණු මෙන්ම තමන්ගේ පුද්ගලික කරුණු මිනිස් සිතට සංවේදී කරුණු වෙයි. ඒවා පුද්ගලික විය යුතු අතර ඒවා පැවතිය යුත්තේ හා දියුණු විය යුත්තේ තමන්ගේ පුද්ගලිකත්වය තුලය, තම සිත තුලය, තමන් තුලය. එයින් ගොඩනැගෙන පුද්ගලයා තුලින් තම ජාතියේ ආගමේ හෝ තමාගේ පුද්ගලිකත්වහි ඇති විශිෂ්ඨත්වය ඔප්පු කල යුතුය.

04. රාජ්‍ය පාලනය, විශේෂයෙන් නීතිය වැනි විද්‍යාත්මක කරුණු සදහා, ආගම ජාතිය වැනි මිනිසුන් සංවේදී වන විෂයන් තුලින් වර්ධනය නොකළ යුතුය. එම ආගම ජාතිය වැනි විෂයන් තුලින් ගැනීමට දෙයක් ඇතිනම් එය අදාල විෂයේ විද්‍යාත්මක පදනම හරහා යා යුතුමය.

05. අවසාන වශයෙන් උප්පැන්න වැනි විද්‍යාත්මක භාවිතයක් ඇති උපකරණ තුලට පුද්ගලයා සංවේදී වන කරුණු ඇතුලත් නොවිය යුතුය. එහි අවශ්‍යතාව වනුයේ පුද්ගලයා එම රටේ ඉපදුනාද යන්න දැනගැනීමට පමණි. හැදුනුම් පතක් පමණක් ලබාදීමෙන් එම කරුණු දෙකම ඉටු කරගැනීමද හැකිය. පැටිකිරිය වැනි විස්තර අවශ්‍යම වේ නම් එය රජයේ දත්ත ගබඩා තුල database තුල පවත්වාගෙන යාම කල හැක.

06. මෙම ක්‍රමය තුලින් මෙතෙක් බොහෝ ජනයාගේ සිත තුල පැවති දෙගිඩියාවන් , සිත් රිදවීම් ඉවත්වී රට වෙනුවෙන් විශ්වාසය වර්ධනය වෙනු ඇත. එමෙන්ම ඉංග්‍රීසි පාලනය තුලින් මෙම රට නතුකරගැනීමට හා පාලනය පහසුවට ඇති කල “බෙදා වෙන්කර පාලනය” ක්‍රම උපාය (search in google : “Divide and rule”, “divide and conquer strategy”) මෙතෙක් කල් එම ක්‍රමය තම වාසියට භාවිත කල දමිල, මුස්ලිම් මෙන්ම සිංහල දේශපාලකයන් ටද මෙය සුළු පහරක් වනු නොඅනුමානය.

සිංහලය අවසානය උප්පැන්නකට, හෝ කිසිම භෞතික දෙයක් මත තීරණය කල නොහැක.එය 03. හි සදහන් කල ආකාරයට පුද්ගල විශිෂ්ඨත්වය මත සදා රැකෙනු ඇත. එහෙයින් එය ඔබ තුල රැකගැනීම මතු දායාද කිරීමද ඔබට භාරයි. එයට උප්පැන්නක් අවශ්‍ය නැත.

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Harshana Dissanayake

Related post