ආදරණීය දීප්ත…

ආදරණීය දීප්ත…

උඹව දකිද්දී මට හිතුන දේ දන්නවද
මාත් උඹ වගේමයි
උඹ තණමල්විල , මං කැකිරාවේ
තණමල්විල කිව්වට උඹට ගමට යන්නත් බයිසිකලයක් ඕනේ
මටත් එහෙමයි බන්….
ගිනි අව්වේ හැතැප්ම ගනන් බයිසිකලේ පදිනවා
එහෙමයි ඉගෙන ගත්තේ…
මටත් හිටියා උඹට වගේ සෙට් එකක්
හවසට වැවේ තරගෙට පීනන්න
හොරෙන් ගස්වල කජු , අඹ කඩන්න
හේන් වල බඩ ඉරිගු රකින්න…
උඹ වගේමයි මාත් විභාගේ ෆේල්
ඔහෙ වගේමයි බන් මෙහෙත්
දාසය වෙද්දී කෙල්ලො බදිනවා
මටත් වෙන්න ගියේ ඒ දේමයි
ඒත් මං වාසනාවන්තයි බන්..
ගෙදරට හොරෙන් කොළඹ ගියේ
තාත්තා අදුරන අන්කල් කෙනෙක්ගෙ වැඩපලකට..
මට තිබුනේ උදේ ඉදන් ෂීට් කවර ගනන් කරන්න
යශෝදරා අක්කා හම්බවෙලා උඹේ ජිවිතේ වෙනස් උනාවගේ
මට හම්බ උනා හොද පංතියක්
මාස හයෙන් උසස් පෙළ..,දෙවිවරු වගේ ගුරුවරු දෙන්නෙක්
ඒත් බං මං උඹ තරම් වාසනාවන්ත නෑ
මං හැමදාම වැඩකලා, ක්ලාස් යන්න සල්ලි හොයන්න
ඉරිදට ක්ලාස් යන්න
අන්තිමට මං ගෙදර ගියා…
මහ රෑ 12 බස් එකට අලි ගහන පාරේ මං කොළඹ එන්න නගිනවා
උඹ ට රත්නපුරේ වගේ ලේසි උනේ නෑ මට මහරගම එන්න
ඒත් මං ආවා…උඹ වගේ ප්‍රයිවට් ලිව්වා
අපේ ගමේ අය කිව්වේ ගුරු පත්වීමක්වත් ගන්න ලියපන් කියලා
මට හිතාගන්න පුලුවන් අනිවාර්යයෙන්ම උඹ පාස් වෙයි
උඹ ප්‍රංශය ට ගියා වගේ මං ගියා නීති පීඨයට
ඉතිං දීප්ත
උඹ තණමල්විල කොල්ලෙක් වෙලා ප්‍රබන්ධයක් උනාට
මම කැකිරාවේ හද්ද පිටිසර ගමක පොඩි කෙල්ලෙක්
ඒත් උඹ රගපාන්නේ , සමාජෙට දෙන්නේ
අපි වගේ හැංගිලා තියෙන අහිංසක ජීවිත
උඹ නම් මාරයි දීප්ත
මං උඹට ආදරේයි
උඹ ට පණ දීපු මිනිස්සු පෙන්නන යථාර්ථයට ආදරෙයි.

මීට
නෙලුම් ඇලපත්ගම
නීති පීඨය
යාපනය විශ්වවිද්‍යාලය

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Nelum

Related post