ඇදිරිනීතියට වඩා දිග ප්‍රේමයක්…

ඔයා මාත් එක්ක කතා නොකර ඉදලා හරියටම අදට මාස 8ක්. මේ හැමදේම වුනේ මගේ වරදින් කියලා මම දන්නවා. ඒත් ඔයා මේ තරන් දරුණු තීරණයක් ගනිවි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ.

කැම්පස් එකේ තල් වැට ලග වාඩිවෙලා දෙන්නට දෙන්නා තුරුලුවෙලා ගනිපු සෙල්ෆි වලින් ෆෝන් මෙමරි එක් වගේම, අපි දෙන්නගේ ආදරණීය මතකයන් වලින් හදවතේ හර්ඩ් ඩිස්ක් එකත් ෆුල් වෙද්දි මම ඔයාගෙන් ඇහුවේ, කවදහරි අපි දෙන්නා බ්‍රේකඅප් වුනොත් ෆෝන් මෙමරි එක නන් ෆෝමැට් කරලා දාන්න පුලුවන් ඒත් අපි දෙන්නගෙ මතකයන් කොහොමද මකලා දාන්නේ කියලා.

ඔයා මාව දාලා ගියත් මම නන් කවදාවත් ඔයාව දාලා යන්නේ නෑ කියපු ඔයා අද මාත් එක්කම මගේ මතකයනුත් අමතක කරලා දාලා ගොඩක් දුර යන්න ගිහින්. මම තාමත් ඔයා දාලා ගියපු තැනම ඉදගෙන ෆෝන් මෙමරි එක ෆෝමැට් කරන්න ට්‍රයි කරනවා.

කොරෝනා නැති හැන්දවක අපිට අයේ හම්බවෙන්න තියෙනවා කියලා කට්ටිය කිව්වට ඒක අපි දෙන්නට අදාල නෑ කියල දැනෙද්දි හද්වතේ ගැබුරුම හරියෙන් හීනියට රිදුමක් දීගෙන යනවා. ඇදිරිනීතිය නැති දවසක ඔයා ආයේ එයි කියලා බලාගෙන මම තාමත් ඔයා දාලා ගිය තැනටම වෙලා මග බලාගෙන ඉන්නවා.

  • ~ ටොට්ටො චං | Totto Chang

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Thavishi Paranagama

Related post