මව් සෙනෙහස අද මහලුය දරුවෙකුට…
ඉපදුණු දා මුදු මොලකැටි පුත් කුමරු
රන් මිණි මුතු මාල නොවේ මට මියුරු
නුඹේ සිනා ළඟ නැවතුණු මගෙ ළහිරු
කඳුලක් වී පරදන මහවැලි සයුරු
පුතුනි ඔබව සොයමින් ආ සසර බවේ
ආදරයෙන් නුඹ ඇමතූ පුංචි දුවේ
නුඹ ගිය විට මා තනිකර කුරිරු ලොවේ
මා පෙව් කිරි සයුර තරම් නෙත බොඳවේ
රජ පුටුවක නුඹ ඔසවා තබන්නට
ඉර හඳ දනී සිදුවූ දුක විඳින්නට
මා විඳි දුක් අසරණකම් මනින්නට
මව් සෙනෙහස අද මහලුය දරුවෙකුට