Colombo, Sri Lanka – February 16 2012: A large crowd enjoy the sunset on Galle fort road on the seafront of Colombo, the capital city of Sri Lanka

එන්න අපි ආයෙත් ඇවිදිමු

එන්න අපි ආයෙත් ඇවිදිමු

කොටුවේ ස්ටේශන් එකේ රටකජු කකා පීලි අතරේ හැල්මේ දුවන

කෝච්චි හඬට සවන් දෙමු

බෙරේ වැව ලඟ පාවෙන අවන්හලේ පලතුරු බීම එකක රස බලමු

නුගේගොඩ සරසවියේ පොත් අතර යාලුවොත් එක්ක සැරිසරමු

මීගමුවේ සුන්දර වෙරල තීරය දිගේ හැන්දෑවට අත් පටලන් ඇවිද යමු

හන්තාන කඳු මුදුන් පිස එන සුලඟේ ආශ්වාදය විඳිමු

රුවන්වැලි සෑ රදුන් අභියස පාරමිතා පුරමු

දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වාම අපි සයිකලෙන් යමු…

හැ බැයි ඒ සුන්දර දවස් යලි අප සතු වෙන්න නම්

දැනට අපි ගෙදර ඉමු…

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Shehara Malshani

Related post