කිරි පැණි…..

ගැලපෙන බැදීම මෙහෙම එකක්‍ ය කියල වර්ග කරන්නෙ කොහොමද මිනිස්සු. මට නම් ඒක මැජික් වගේ තමා. “කිරි පැනි වගේ ජෝඩුව, නියමෙට ගැලපෙනව”. ඉතින් කිරි පැනි කියන්නේ එක සමාන නොවන දෙකක් නේ. එක සමාන නොවන, නොගැලපෙන දෙකක් එක් වී හොඳම ගැලපීම පෙන්වීමත් පුදුමයක්. හොදටම ගැලපෙන කෙනා කියල හොයල බලන්න ඕන නොගැලපීමක්ද නැත්නම් ගැලපීමක්ද කියන ප්‍රශ්නය නම් මට තාම තියනව.
තමන්ට හරියටම ගැලපෙන කෙනා මෙයාය කියල කියන්නෙත් හිතින් හදාගත්තු මිමි සමූසයකට ගැලපෙන ඕනෑම පුද්ගලයෙක් තමන්ට හරියටම හරියන කෙනා කියල කියන එකම නේද? නොගැලපෙන බැදීම් එක්ක ජීවත් වෙනව කියන්නෙ ඉතින් කුඩු කාරයෙක් වෙනව වගේ දෙයක් කියල හිතෙනව. මොකද හිතින් විතරක්‍ යැ කයෙනුත් දිරාපත් වෙනව.

එක වතාවක් දෙවතාවක් තෙවතාවක් නෙවෙයි හතර වතාවක්ම හිත රිද්දුවත් ඉවසන් ඉන්න කෙනෙක් හම්බුවෙන්න නම් ඉතින් පුදුම පිනක් තියෙන්න ඕන.දෙමව්පියො හැරුනම එහෙම ඉවසන්න පුලුවන්කමක් ලැබෙන්නේ පෙර ආත්මෙ බැදීමකට කියල තාමත් විස්වාස කරන්නේ මම.

කිරට පැණි වගේම, ගින්නක් නිවන්න වර්ෂාවක් මිස ගිනි පලිගු නෙවෙයි උවමනා කරන්නේ.

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Arunali Subasinghe

?

Related post