කුඹලෙක් මි…
නුඹ මැදුරු දොරින් වඩමන
මා සෙනෙහසේ පාවඩ
ඒ මතින් නුඹ කැන්දන
සුදු හීන ඇවිත් දැවටෙන..
බෝ හීන මැවූ හිත ළඟ
බොල් මැටි ගොඩක් පමණය
ඒ මැටියෙන් පිළිසිඳී
රූ උඳුන මතම පිච්චෙන..
ඇඟපතේ සවියට
අවනත මුත් මැටි පිඬ
නුඹ නොඑසේ යැයි දනිමි
මගේ දෑත් මත හැඩවන..
මැදුර දොර අකැපමය
කුලවත් නොවූ කරුමෙට
උපතින් ම උරුම කළ
කුඹල් කම පමණක්මය..
— තිශාන් කුලසිංහ —