ඒකපාර්ශ්වීය ප්‍රේමය

එදා අහම්බෙන් දුටු ආඩම්බර ඇස් වලට බොහෝ ප්‍රේම කලෙමි. දැනුදු ප්‍රේම කරමි. ඔබේ ඇස්වල විශේෂ හැගීමක් නොතිබුණ බව සැබෑය… එහෙත් ඒ ඇස් කියවන්නට මට හැකිය… බලාගත්වන බලාහිද දහසකුත් දේ ඔබට නොදැනෙන්නට සිතන්නටද මට හැකිය… ඔබෙන් ලද ඒ එකදු බැල්මකින් වුවද මගේ ආත්මය දවා හලුකල හැකිය… ඔබේත් මගෙත් දෑස් එකිනෙක ගැටෙන හැම මොහොතකම මා මගහැරියෙමි… මගේ ප්‍රේමය… මගේ උන්මාදය… මගේ සැනසීම…. සිතේ සිරකර අගුලු දැමුවෙමි…. ඔබ ඉදිරියේ මගේ සිත ඔබට කියන්නට දහිරියක් මට නැත. එහෙයින් මම දෑස් සගවමි… මගේ දෑස් මා නොකියනා බොහෝ දේ ඔබට කියනු ඇත… මා දන්නෙ එකම එක දෙයකි. ඒකපාර්ශ්වීය වුවද ද්වීපාර්ශවීය වුවද ප්‍රේමය., ප්‍රේමයම යැයි පමනි.

-හoසි-

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post