ලොව සොදුරුතම ආස්වාදය – තනිකම

මළ හිරු බසිනා හෝරාවේ
දෙඅත ළය වෙත
තදින් තුරුළු කර
ඈත කෙළෙවර රනින් පැහැ කළ
සිතිජය කරා මෙමං
දෙනෙත් රැදවූයෙම්…

කුඩා පොඩිත්තන් කෙළින වැලි සෙල්ලම්
තුරුණු විය උන් දගකාර යෞවනයින්
අතරින් පතර වූ මැදිවිය පසුවූවන්
හෝ ගාණා පොකුණේ
දහසක් දෙනා උන් අතර,
නොම වී පාද පරිචාරිකාවක්,
තනිව පාද චාරිකා කරම්…

ගිම්හානය මැකී ගොස්
හරිත පැහැ ලද තුරු ගොමු විලාසෙන්
බැදුම් මිදුමෙන් වී සිතිවිලි නිවහල්,
දිගු හුස්මෙන් ළයම පුරවා
ඝන වන ලැහැබේ සිත්සේ ඉපිලෙමින්,
විදිනෙමි තනිකමේ ආස්වාදය,
දෙනේත්‍රාවෝ කරන් අඩවන්…

මද්‍රි පෙරමුණුගම.

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Madree Peramunugama

Related post