Sarana

සරණ දුවන දිවිල්ලට වැඩලා බෑ, දුවන්නම ඕනා…
ඔව් පොඩි හාමුදුරුවනේ,
වැඩලා බැරිය…
එනමුත් දුවන්නට ද තහනම්‍ ය…
නමුත් වෙන කරන්නට දෙයක් ද නැත…
සරණ අල්ලාගන්නට නම් දිවිය යුතුමය…
පොඩි හාමුදුරුවෝ බණ නොකීවෝය…
ඔහු පූසා පසුපස දිව්වේ ය..
නමුත් උන් වහන්සේ සුළු දෙයක් පවසා
සෑම දෙයක් ම අවබෝධ කරදුන්නෝ ය…
ජීවිතයේ බොහෝ තැන් උන් වහන්සේ සරණ (පන්සලේ ඇති කරපු පූසා) අල්ලන්නට දරන උත්සහය වගේ ය..
සිවුරට තහනම් වූ දිවීම වැනි තහනම් නියෝග අපට ද ඇත…
නමුත් නියෝග රෙගුලාසි බිඳින්නේ නැත්නම් කවදාවත් අරමුණට ළඟා විය නොහැකි ය…
අරමුණට යෑම දුෂ්කර ය..
ලොකු හාමුදුරුවන්ගෙන් ගුටියක් කෑමට ද සිදුවනු ඇත…
නමුත් පොඩි හාමුදුරුවන්ගේ අරමුණ ස්ථිර ය…
අප ද සරණ ඇල්ලිය යුතුය…
නමුත් වැඩ වැඩ හිඳ නොහැකිය…
දුවන්නම ඕනේ ය…

 

හැඟුම – චනිර දුලංජය රණතුංග

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post