The Rain

වැස්ස
අනේ එන්න
මහ පොලොව තෙමන්න
රස්නෙයි බෑ ඉන්න
දාඩියයි සෑහෙන්න
කලුවෙනවා පිච්චෙන්න
පෑවිල්ල තැම්බෙන්න
වැව් අමුණු සිදිලා මෙන්න
මොටරේ දාලම කරන්ට් බිල වැඩියි ගෙවන්න
පාරට බෑ බහින්න
සෙල්ලමක් බෑ කරන්න
දවාලෙට ඔෆිස් එක ඇතුලෙවත් බෑ ලගින්න
ඉතින් එන්න
විගසින් එන්න
පිනි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න
කරවෙච්ච ලෝකයම ඔයාගෙන් නෑවෙන්න
ඒත්,
එපා මේ තරම් සැරවෙන්න
වැව් අමුණු උතුරන්න
පාරවල් යට වෙන්න
ගේ දොර ඉඩකඩම් ගිලෙන්න
අපිව අසරණ කරන්න
දැන් ඉතින් නවතින්න
ආපහු යන්න
.
.
.
රස්නෙයි බෑ ඉන්න
අනේ එන්න
වැස්ස….

 

#හැඟුම – චනිර දුලංජය රණතුංග

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post