කොළඹට වඩා…

ක්ලෝරීන් රහ බත් දෙකක්
අපි තුන් දෙනාම බෙදාගෙන කන්නේ
තේ හැන්දකින් බෙදපු ව්‍යංජන එක්ක අම්මෙ…

හොදට ඉන්ගිරිසි පුලුවන් එවුන් බැජ් ටොප් වෙන්නෙ, ඒ නිසයි ගොඩ යන්නේ
අම්මේ… ඉගැන්නුවට හොදට පින්

මෙහෙ ඉන්න මිනිස්සු දාන කෙස් පැලෙන තර්ක වලට කට උත්තරත් නෑ
නීතිය ඉගෙන ගත්තට අපිත් ඔලුව බේරන් ඉන්නෙ අමාරුවෙන් අම්මේ…

විභාග වලින් මෙහෙ අඩුවක් නෑ අම්මේ… හරියට සැපට නිදාගෙන නෑ හුග කාලෙකින්

මෙහෙ යාලුකමෙයි ආදරෙයි වැඩි වෙනසක් නෑ
ඒ නිසාම මට පිරිමි යාලුවෙක්වත් පිරිමි ලමයෙක්වත්
නැහැ අම්මේ…

මෙහෙ මනුස්සකමට වඩා සංස්කෘතියට
ලොකු වටිනාකමක් තියෙනවා අම්මෙ…

අම්මෙ මෙහෙ ඉන්නෙ බෙන්තර ගගෙන් එහා පැත්තෙ උන්ට බැන බැන යටිකූට්ටු වැඩ කරන
කල්ල කපටියො…

මෙහෙ ආදරේ ගැන කියන්න අමාරුයි
මගේ අම්මාගේ හිත බය කරන්න මගේ කැමැත්තක් නෑ…

අප්පච්චි නිතරම කිව්වට මිනිස්සු ආයෝජනේ කරන්න කියලා මෙහෙදි
මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න තරමට සැනසීමයි අම්මේ…

මං මෙහෙ ඇත්තටම කැමති අමාරුකම් දාහක් තිබුනත් හිනාවෙන රූමිලටයි ගහකොලටයි විතරයි අම්මේ…

අම්මට රත්තරන් වලලු දෙකක්
අප්පච්චිට ලොකු බුදු පිලිමයක් පොරොන්දු වෙලා නාව නම්
මං මෙලහටත් ගෙදර අම්මේ…

කොළඹට වඩා නුවර නපුරුයි අම්මේ…

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Samadhi

Related post