My Love

ඒ කාලේ ඔලුවට දැනුණ
දැන් මගේ හදවතට දැනෙන
ඔබේ ආදරේ

සීතලට තුරුල් වෙලා
උණුහුමේ අපි ගුලි වෙලා
උන්නා මුළු රෑ පුරා
නුඹ මගේ ලැම අරා

පෙර යමේ හිස සිම්බා
මැදි යමේ තොල් සිම්බා
ආදරෙන් අපි දෙන්නා
සයනයේ තනි බින්දා

හෙට දවස ගැන මගේ
නුඹටයි මුලින් කීවේ
පියමනින හැම අඩිය
නුඹ තමයි දැන උන්නේ

දහවලට නුඹ නැත්තේ
රැයට පමණයි ඇත්තේ
හිමි වෙච්ච තුන් යමේ
තුරුළු කර ගමි සිත් සේ

පාළුවක් මට නැතුවා
හිදින තුරු ඔබ ළග මා
දහවලත් රෑ මෙන් ම
ඔබ හා ඉන්නට ලැබේවා

කොයිතරම් ලං වුනත්
හිමි නෑනේ ඔබට මං
වෙන කෙනෙක් සතුයි මං
කමක් නෑ රත්තරන්

ඇය පියඹා එන තුරුම
අවසරයි මගේ තුරුල
ඇය ආවයින් පසුව
නුඹ එපාවෙයි සත්ත

ඒ කාලෙට ආයෙත් ඔලුවට දැනෙන
දැන් තාමත් මගේ හදවතට දැනෙන
ඔබේ ආදරේ
මගේ කොට්ටේ

 

හැඟුම- චනිර දුලංජය රණතුංග

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post