සිනහව බොහො දුරය
කදුලු නම් අත ලගය
හමුවීම් අතර මැද
වෙන්වීම් නිතර ඇත
නිසල ලෙස ගලායන
විටදි මනහර නදියක් විලස
අතරමග ගල් කුලුය
ගමන් මග වෙනස් කරන
ජීවිතය නදියක්ය
වතුර වෙනුවට කදුලු ගලන
ඒ අතර දිය සුලිය
ආදරය නමින් එන
හසුවුනොත් සුලියකට
ගැලවුමක් නොමැත
මැරි මැරී ජීවත්වීම හැර!!