මා
යුවතියකි මා තනිව සිටිනා
නිහඬ නිසලව කාමරේ
අගුළු දා සිත පාළු වී ගිය
කඳුළු නෑ දැන් වැටෙන්නේ
නෙතින් ගිලිහුණු සෑම කඳුලක
ඔබේ රුවමයි ඇඳෙන්නේ
කවුළුවෙන් ඔබ බලා සිටිනැයි
මගේ හිත තව කියන්නේ
තුනී සියුමැලි යොවුන් මා සිත
යදම් බැඳලයි තියෙන්නේ
ඔබේ පහසයි මගේ ගත තව
කෙනෙකුගෙන් නෑ පතන්නේ
ජීවිතේ ඒ මිහිරි මතකය
නොයා පිටතට රඳන්නේ
ඇයිද මේ ලෙස දුකක් දී මට
රියන් සයනක නිදන්නේ