Othello
අහෝ!
ඔතෙලෝ වූවානම් මම
නොඅසමි ඉයාගෝ ගේ වදන
එනමුත් සොයනෙමි සිදුව ඇති ගැටලුව,
සත්තකින්ම ඔබ
සිටියානම් කැෂියෝ සමග
එක යහනේ තනිව
රොඩ්රිගෝ නොව
මරන්නේ කැෂියෝ ව
මම ම වෙමි ඝාතකය
මගෙම වෙමි ඝාතනය.
සුන්දර ඩෙස්ඩිමෝනා
නුඹේ පිනකට
නොවූවෙමි මම වැනීසියේ යවනයා
එබැවින් අදටත් දිවි ගෙවයි
ඒ කෲර අමනයා….
හැඟුම – චනිර දුලංජය රණතුංග