ඉඩෝරය

සමනල කන්දට වැහි නැති හැම මොහොතක් ගානේ
ඉඩෝරයක සේයා දැනුණා
මට ඔබ අමතක බව හැඟෙනා හැම මොහොතක් ගානේ
ඔබ සිත නිහඬ සුසුම් හෙලුවා
සිටියෙමි කිමිද නිදි නැති සිහිනයක
මතකයට වී… ඔබ මුවේ මන්දහාසේ
උන්මාද වී…

වැලි කතරකට වැටෙන හැම වැහි බිඳුවක් ගානේ
ගංවතුරක සේයා දැනුනා
ඔබ සිත රිදවූ බව හැඟෙනා හැම මොහොතක් ගානේ
මා සිත මහඬින් ඉකිබින්දා
සිටියෙමි වාරු නැතිව සියොලඟ පුරා
හොරැහින් හෙළූ … ඔබ නෙතේ නීලකාන්තී
නෙත් අන්ද වී…ඔබ සෙනෙහසින්
අවසරයි ඉන්නට ඔබ ළඟින් තුරුලටම වී…
නෙතු පියෙනා තුරා…
හද ගැහෙනා තුරා…

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post