ජීවයේ උල්පත ඇයයි
රුහිරු කිරි කර
නමින් දරු පෙම
ලොවක් මැවු ඇය
විදියි තනියම දැවෙන දුක්ගිනි
හොදින් තදකර ඇසිපිය මැද
වැටෙන්නට නොදී, උණු කදුලු කැට
ලොවට පෙනෙන්නට සිනාසෙන ඇය
හඩයි තනිවම හුදෙකලාවේ
තමන් තුල කිසික් නොමැතිව
පුදයි සිය බත් පතක් දරුවනට
ලියන්නටවත් නොදත් අකුරුත්
උගන්වන්නට හදයි පුතුනට
සම් නහර ඇට මිදුලු දියකර
සිප් ඉගෙන උන් ඉහල ගිය සද
අමතකයි උන් නැගපු ඉනිමග
සුසුම් හෙලයි ඈ පාලු ගෙදරම
මෙත් සිතින් මැදිහත් මනසින්
පතමින් දියුණුව ම දරු මුණුපුරන් ගේ
නිහඬව පෙන්වමින් ලොවට
බ්රහ්ම ගුණයට උචිත වන බව
මුනි රජුන් දෙසු දහමෙ විලසින්!!