මිය නොගිය මතක…

 

ප්‍රේමයක් ලොව නැතැයි අදහන්න හුරුවෙච්ච කාලයක

ජීවිතේ අසීරුම රිදුම්

මහ ගොඩක් බර හැඟුම්

කර තියන්

දුර ගියත්

ප්‍රේමයෙන් තොරව ජීවිතෙ ගළපන්න

හිත තවත් සවි කළත්

 

හිත ඇතුළෙ පතුලේම හිරවෙච්ච්

ප්‍රේමයට හුරු පුරුදු ගැහැනියගෙ

ප්‍රේමයෙන් පිම්බිච්ච

මිය නොගිය ආත්මය

හෙමි හෙමින් පෑදුවෙ නුඹ

 

ඉතිං නිල නොලත් ස්නේහයේ නැවතුමක

ජීවිතේ ගාල් කල ඇසිල්ලක

ප්‍රේමයට සරු පොහොර තව තවත් එක් කරපු

ප්‍රේමයෙ ද්වාරය පටු නොකර භාෂාව තව තවත් පොහොසත්ව

අතොරක් නැතුව හැමදාම ගලපන්න

විඩාවක් ගෙන නොදුන් සේකරගෙ කවි සිංදු

ඩිකන්ස් හරි ලස්සනට මැවු

කාර්ටන්ගෙ ආදරය

 

ඉතිං හරි ලස්සනට උනුහුමට

දුරකතන රැහැන් මත පමණක්ම වර්ෂයක් පුරාවට දොඩමලුව ප්‍රේමයක් ගළපන්න ඉවසීම කොයිතරම් තිබුණාද

 

කොටුවවත්  පිටකොටුවවත් හරියටම නොහඳුනන කාලයක

හරි බොළද යුවතියක්

ආදරේ පාට කළ සියුම් තැන් මතකයිද

ජීවිතේ වැඩිම දුර තනිවමම නුඹ සොයන් ආපු හැටි මතකයිද

මුල් වරට පය තිබ්බ

නොහඳුනන නගරයක..

නුපුරුදුම සීතලක

උණුසුම්ම නුඹෙ දෑස් දකින තෙක්  කලබලව

ලොකුවෙච්ච මගෙ දෑස් මතකයිද

 

ඉතිං නුඹ එන්න ඒ මතක තද කරන්

“කිසි දිනක දිය රැළිති නොනඟන

නුඹ කියපු  ඒ මතක කලපුව මතට” ඇවිත් යන්නට එන්න…එදා මෙන් නොදිලිසෙන මගෙ දෙනෙත් මත  තව වරක්

ප්‍රේමය විතරක්ම තවරන්න

හැඩයක් නොමැති කඳුළට හැඩයක් විතරක්ම දෙන්න

 

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Chathurika Jeewanthi Liyanaarachchi

Related post