සඳකැන් වැසිලා – The Darkness
Lights Off
එපා කළුවරයි
රෑට කොහොමත් කළුවරයි නේ. ඒ කළුවර වැහෙන්න හඳ පායනවා
ඒත් අද හඳ නෑ
ඇයි අද අටවක දා ද?
නෑ අද පෝය දවසක්
එහෙනම් අද පුර හඳ තියෙන්න එපැයි. තරු පායලා, මුළු පොළොවම එළිය වෙලා
ඔව් ඒත් අද නෙවේ
ඇයි අද අහසෙ වැහි වලාකුළුවත් පිරිලාද?
නෑ. එත් අද හඳ අන්දකාරේ එතිලා. බලන්න එපා අහස දිහා. පොඩි ළමයින්ට හොද නෑ Adults Only
ඇයි ඇස් නරක් වෙනවද? සූර්යග්රහණයකදි වගේ?
නෑ හිත නරක් වෙනව. ඇස් නරක් වෙනවට වඩා බරපතලයි හිත නරක් වෙන එක
එතකොට ඔයාට ඕනේ මේ දැකපු දේවල් ඔයගෙ විතරක් වෙනවටද?
ඔව්
ඇයි?
මට ලෝකෙ ඉස්සරහ එයාව ලැජ්ජා කරන්න ඕනෙ නෑ
එයා?
මගේ ජීවිතේ මට තිබ්බ එකම සුවේ. අසල්වැසියෙක්ගෙ මල් හීයක් වැදිලා හොඳටම අමාරුයි
ඉතින් අත් දෙක බැඳන් බලන් ඉන්නද කල්පනාව?
මං කාගෙවත් හිතක් බිඳලා නෑ.
ඒත් ඒ වැරදිකාරි ඔයාගේ wife
ඒ මගෙ ඇස් දෙක. ඒත් දැන් ඒ ඇස් අයිති මට නෙවේ
ඇස් නැත්නම් එළියක් පේන්නෙත් නෑ
එයා තමා මගෙ එළිය
එත් අද නෙවේ
තරු නිවිලා, හඳ හැංගිලා, මං තනිවෙලා
එත් එයාට කිසිම තනියක් නෑ
මගේ ගෙදර, මගේ කාමරේ, මගේම ඇඳේදි
දැං ඔයා මොනවද කරන්න හිතන් ඉන්නේ?
අපි වෙන්වෙනවා
කවදාද?
කවදාහරි දවසක
එතකොට මේ රහස්?
ඒව අහස් තලයට පැවරුනාවේ…..