අමතකව ගිය ගින්න
දිනෙන් දින උග්ර වන
පිපාසිත ගිනි දැල්ල
බිලිගනිද්දී ජීවිත…
මිනීමස් රසවිදින
බඩජාරි තිරිසන්නු,
ඔවුන්ගේ මුවින් ගිලිහෙන
මස් වලට පොරබදන
මිලෙඡ්ඡ අධමයින්…
පිළිකුලෙන් ඉවතලන
කටු උරන නරුමයින්
පවා අමතකව ගිය
අසික්කිත සමාජය…
මිනිසත්කමේ උච්චතම පිරිහීම
ගෙල සිදලා දැමූ කල,
ඉතිරි පාපීතර නරපණුවන්
දවන්නට මග බලන
දිනෙන් දින උග්ර වන,
පිපාසිත ගිනි දැල්ල
අමතකව ගිය
අපා ගිනි දැල්ල!
ෆාතිමා බෙසූනා