සිහසුන අත් හළ සාලිය කුමරු අසෝකමාලා ට කී කව…
අර බලන්න මාලා….
අර….
ඔබ මා මුණ ගැස් වූ
ඒ
උභයකුල පාරිශුද්ධ
හෝපලු ගස…
එදා වගෙමයි
අදටත්
කහ පාටින් හිනා වෙන හැටි….
වෙනසක් නැතුවම
හැමෝගෙම අත් මතින්
ඉසුරුමුනිය ට වඳින හැටි
එ ගසේ මල්…
හිතනවද නිකමටවත්
සැඬොල් අතක….
චන්ඩාල අතක…..
රුඳෙන්න ට අකැපයි කියා
මේ දැන් ඇස් ඇරපු
පුංචි මල් පොහොට්ටුවක්වත්….
බලන්න මාලා…
කොයි කොයි අතින් ආවත්
මල් අසුන මත වැතිර හිඳ
කසළ වල තුළ
එක් ව නිවන් යන හැටි
එ මල්…
ඉතිං මාලා..
අපිට කුමට ද කුලකම්..
අපිට කුමට ද රජකම්..
වටින්නේ නොවෙද
ඊට වඩා
මේ දැහැමි පින්කම්……?