තමන්ගේ මෑණියන්ගේ නිරුවත් කලව මැද්දෙන් මේ ලෝකෙට ඇස් ඇරපු පිරිමි

වපර සමාජයේ මහත්වරු

සමාජය කියන නරා වලේ ඉන්න මිනිස්සු  හැමදාමත් පුරුදු වෙලා ඉන්නේ කාන්තාව දිහා වපර ඇහින් බලන්න. කෙල්ලෙක් කොටට ඇන්දොත් බඩුවක් , heels දාලා ලස්සනා ඇදලා makeup දාලා පාරට බැස්සොත් පොෂ් වෙන්න හදන කෑල්ලක්…

 

තමන්ටම මහත්වරු කියාගන්න පිරිමිකමටත් නිගා කරන මිනිස්සු අපේ සමාජයේ ඕනේ තරම්…..කෙල්ලෙක් / ගැහැනියක් සමාජයේ භාෂාවෙන්ම කියනවනම් බඩුවක් වෙන්නේ උසස් යයි කියාගන්නා පිරිමි නිසාම නෙමේද ?????? ගැහැණියකගේ හැගීම් එක්ක සෙල්ලම් කරලා ඒ තත්වෙට ඒ කාන්තාව පත් කරන්නේ සමාජයේ පිරිමි නෙමේද ??????????

 

කෙල්ලෙක් ගේ කකුලක් දැක්කම නලියන පිරිමිකම ඇතුලේ තියෙන්නේ සභ්‍යත්වයද ? තමන්ගේ මෑණියන්ගේ නිරුවත් කලව මැද්දෙන් මේ ලෝකෙට ඇස් ඇරපු පිරිමි ම , තමන්ගේ දුවගේ එහෙමත් නැත්තන් සහෝදරියගේ වයසේ කෙල්ලෙක් දැක්කම හිතින් කම්සුව විදින මානසිකත්වයකින් පසු වීම සමාජයේ පිරිහීමක ලක්ෂණයක් නෙම්ද ? කතාවට කියනවා ඉස්සර ලක්බිමේ පේදුරු තුඩුවේ ඉදන් දෙවුන්දර තුඩුවට යනකන් ගැහැනියකට කිසිම කරදරයක් නැතුව නිල් මැණිකක් දෝත දරාගෙන නිරුවතින් පා ගමනින් යන්න පුළුවන් කම තිබුනලු….ඒත් අද….නිල් මැණිකක් තියා හිස් අතින් නිදහසේ  වැඩට ගිහින් එන්නවත් පුලුවන්ද . හිතලා බලන්න පිරිහිලා තියෙන්නේ පිරිමි සමාජයේ හිත නෙමේද ?  ඉස්සර ජිවත් වුනෙත් අද වගේම පිරිමි නෙමේද ? ඉස්සර ගැහැණු ඇග පෙන්න ඇදුම් ඇන්දේ නැද්ද ? සාරිය ඔසරිය අදින කාන්තාවකට වඩා denim & t-shirt අදින් කාන්තාවකගේ ඇග පසග වැහිලා තියෙනවා. සාරියකින් ඔසරියකින් තරම් වෙන කිසිම ඇදුමකින් කාන්තාවකගේ සිරුර open වෙන්නේ නැහැ කිසිම ඇදුමකින්.

 

ඇදුමෙන්  පැලදුමෙන් කෙල්ලෙක්ගෙ තත්වය මනින්න බැහැ වගේම , කලිසම් කමිස අදින හැමෝම මහත්වරු වෙන්නේත් නැහැ.

 

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sankalpana

http://writer-sankalpana.blogspot.com/

Thoughts of a heart ❤️

Related post