දාර්ශනිකයැයි කියූ ප්‍රේමය
ජීවිතය අහඹුවක්
ආදරය පිස්සුවක්
කාටවත් කාවවත්
අයිති වෙන්නේ නැතිලු
පාවුලෝ කොයියො
ගාර්ශියා මාකේෂ්
කිව්වෙත් එහෙමමලු
නුඹ එදා කිව් වදන්
පරිණතයි පුංචි මට
නුඹ එදා….දුසිම් ගණනින් ගෙනා
ලතින් අමෙරිකන් පොත් අතර
ජීවිතය සොයන්නට හිතුනෙත් ඒ නිසාමයි….
නුඹ නොවෙයි සත්තටම ..
මම තමයි හරියටම කියෙව්වෙත් ඒ කතා
හුගක් පිටු පෙරලන්න හිතුනෙ ඒ නිසාමයි
සොයන්නට ජීවිතය
අතින් අල්ලා නොගන්නා ඒ නිදහස
නුඹම කිව් ෆැන්ටසිය
ඉන්ද්‍රජාලික යථාර්තය
මාකේස් මැවු ආදරය
කොයියෝ මැවු නිදහස….
හුගක් පරිණත වෙද්දි
ජීවිතය මහ තදින් කියවන්න පොරකද්දි
නුඹට මං නරකයිලු.
උන් තැනම නැවතිලා..
වැරදුනේ කොතැනකද
සිතන්නට සිදුව ඇත…..
ප්‍රේමය යැයි නමක් දුන්
බරපතල හිස්තැනක.
….පිළිතුරක් නැත තවම