රෙද්ද අස්සෙන් බේරෙන සංස්කෘතිය !

 

බුකියෙ නොයෙකුත් තැන්වල දැක්ක, ගෑනු ළමයින්ගෙ ස්කූල් යුනිෆෝම ඇදගත්තු පිරිමි ළමයි ටිකකට බනිනවා, සදාචාරය සංස්කෘතිය නැතිවෙනව කියල,
අනේ උන්ගෙ රෙද්ද අස්සෙන් බේරෙන සංස්කෘතිය !
මේවා ප්‍රචාරය කරන්නෙ “සිංහල බොදුනුවා” කියන අන්‍යාගමිකයින් මෙහෙයවන පේජ් එකකිනුයි, “sinhala buddhist” කියන සිංහල බුද්ධාගම නොමග යවල සමාජෙට ගොන් ආතල් දෙන්න දත කන පේජ් එකකිනුයි.
මෙයාල හොද දේවල් අතරින් පතරට දානගමන් හෙනම ගොන් ආතලුත් දෙනව ඔබ මීට පෙර දැක ඇතිවාට කිසිම සැකයක් නැහැ.
සංගක්කාර,තමන්ගෙ වයිෆ්ව ප්‍රසිද්ධියෙ සිපගත්ත මොහොතෙ, ඒකෙනුත් ‘සංස්කෘතිය වැනසුනාය’ කියපු ඇඩ්මින්ලා ඕක කරන්නෙ…
ඔවුන්ට බිග් මැචස් නැහැ, උන් පපර දැකල නැහැ, ඉස්කෝලෙක කොඩියක් අතට අරන් නැහැ ජීවිතේට,
ඒ කුහක කම් කවර් කරන්න හදන්නෙ එහෙමයි එයාල.
එහෙම නැතුව බිග් මැච් එකේ කොල්ලෙක් ගවුමක් ඇදන් ඩාන්ස් කලාට කෙල්ලෙක්ගෙ කන්‍යා පටලයකට වත් සන්ස්කෘතියකටවත් හානියක් වෙන්නෙ කොහොමද කියල මට නං හිතාගන්න බෑ.
එහෙනං ඉතිං කෙල්ලො ශිපර් තියෙන ඩෙනිම් ඇන්දමත්, පිරිමිකමට නිගාවක් වෙන්න ඕනේ ඔය කියන විදියට නම්.
අම්ම තාත්තව බලු කූඩුවේ දාපු දූල ඉන්න රටේ අපිට සංස්කෘතිය ගැන දෙසන්න එන්න එපා මහත්තයො.
ඔහෙල දන්නෙ නැති සංස්කෘතියෙ තව හිල් තියෙනව ඊට කලින් වහගන්න.
අනික ඉතිං ඔය කියන විදියට අත්ත මුත්ත “කෝලම” ත් නතර කරන්න වෙනවා, පිරිමියෙක් රෙද්දයි හැට්ටෙයි ඇදගෙන ලොට තන් දෙකත් එලියෙ දමාගෙන, ඒ කරන කෝලම් සම්ප්‍රදාය අයත් නර්තනයට.
තව එකී නොකී මෙකී ඒ වගේ අංග රාශියක් තියෙනවා, නුමුත් එවැනි දේකින් හාස්යෝත්පාදනයක් මිසක් කිසිවකුට ලිංගික අඩන්තේට්ටමක් සිදුවන්නෙ නෑ.
අපහාසයයි උපහාසයයි කියන්නෙ දෙකක්!

අර රෝයල් එකේ පොටෝ එක අල්ලගෙන දගලන්නෙ කාගෙ හරි සෙවලයක් පෙරෙනකම් දත කට මැදගෙන බලාගෙන ඉන්න කුණු මාධ්‍යකාරයෝ නැත්නම් රෝයල් එකට ඉරිසියා කරන අය ටිකක් වෙන්න ඇති.

ඒ නිසා බිග් මැචස් නැති ඉස්කෝලවල අලුකුත්තේරු හැතිකරේ කියන කඩප්පුලි කතා ගණන් ගන්න එපා.
උන් එක්ක වාද කරන්න යන්නත් එපා, මොකද ඒ මොළවලට ‘බිග් මැචස්’ කියන එක තේරුම් යන්නෙ නෑ.

කපන්න බැරි අත ඉම්බින්නවත් බැරි උනාම, ඵල ඇති රුකට ගල් වදින එක අරුමැක්කක් නෙමේ,
වඳ පීදිච්ච ගස් වලට කවුරුවත් පොලු විසික් කරන්නෙ නෑ,
පොකුරු පිරිච්ච ගස්වලට තමයි කට්ටිය වටකරගෙන නෙලන්න සෙට් වෙන්නෙ.
ඒවා ඉතිං අධෝ වාතයක් තරම්වත් ගණන් ගන්නෙපා.

 

 

– හරින්ද්‍ර අබේවික්‍රම

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post