මහ ලොකුවට පන දෙන්න වගේ හිටියට….
[lee_wide_img src=”http://wallpapers.ae/wp-content/uploads/2015/01/Horror-Hand-FB-Cover-HD-Photo.jpg”]
කාලය හරි ඉක්මනට ගෙවිලා යනවා
සමහර වෙලාවට පුංචි අත්වැරදි සිද්ධ වෙනවා
ඒ වැරදි හිතලා කලා නෙවෙයි වෙන්න පුලුවන් නේද?
පොඩ්ඩක් බැනුම් ඇහුවත්
තරහ හිතෙන් නෑ කිසිම වෙලාවක
ඒත් උබේ පුංචි වචන කීපය
තදින් දැනුනා මා හිතට
”මහ ලොකුවට පන දෙන්න වගේ හිටියට”
නුබට සිතුනත් එසේයි කියා
ඇත්තටම සූදානම් නුබට පන දෙන්නට…
නුබේ ශෝකයට නුබ මට එසේ කීවත්
මමත් දනිමි නුබ මට ඇති අසීමාන්තික ආදරය
බලන් ඉන්නම් යලිත් නුබගෙන්
ලැබෙනකන් පණිවිඩයක්
ආදරෙයි නුබ හට
-හිස්තැනක්-
(සමින්ද බී. ඒකනායක)
12:51:06 PM