අම්මේ…
කෑලි කැපෙනා අදුර රජයන
කාලෙකට සැරයක් එන දවසක
නුඹ නැතුව ගෙව් පළමු දවසෙම
අම්මේ දැනුණා තනිකමක රඟ..
අහම්බෙන් විදුලිය නාපු දින
නුඹේ ඇකයේ හිස හොවාගෙන
ගිරවියක් මෙන් වෙච්ච දොඩමලු
සිහිකළා මම අඳුරේ හිඳගෙන..
නුඹ පතපු හෙට දවස වෙනුවෙන්
තනිව ඉන්නට වෙලා තිබුණට
ආදරේ සෙනෙහසේ මහිමය
දැනෙනවා දැන් මටත් හරියට..