නුබත් ගියා නම්… හෙටක් තියේවිද… මටත් ඉරක් නැගෙනා…

කාත් කවුරුවත් තමන්ට නැහැ , තමන් තනිවෙලා කියලා මතක් වෙද්දී හිත පුදුමාකාර විදියට අසරණ වෙනවා. කවුරු නැතත් මට මේ ලෝකේ එක්කෙනෙක් ඉන්නවනේ කියලා හිත රවට්ටගත්ත වාර අනන්තයි… අන්තිමට ඒ කෙනත් ජිවිතයෙන් යන්න ගිහින්…

ආදරේ හින්දා කෑලි කෑලි වලට කැඩිලා බිදිලා ගිය හිතේ තිබ්බ තුවාල හොද වෙනකන් පරිස්සම් කරලා ලස්සනට ඔයාට දුන්නේ මටත් වඩා ආදරෙන් නොරිදා ඔයත් ඒක පරිස්සම් කරයි කියලා… මට වැරදුනා… හැමදාමත් වගේ අන්තිමට මන් මගේ හිත රිද්දගත්තා… ආදරේ නිසා… ආයෙමත් වතාවක් හරිගස්සන්න බැරි තරමට ඒ හිත ඉරි තැලිලා පොඩි වෙලා කැඩිලා ගිහින්…

අහසේ පාවෙන වලාකුලක් වගේ ඔහේ පා වුණු මගේ ජීවිතේට ආයෙමත් බලාපොරොත්තු , හීන ගෙනාවේ ඔයා…ජිවත් වෙන්න ආසාවක් තිබුනත් ආදරය කරන්න අදහසක් තිබුනේ නැහැ… ඒත්

“මගේ හීනයේ ඇවිත් ඔයා…මගේ ජීවිතේ වෙනස් කළා…”

ඔයත් එක්කම ඔයා ඒ හීන බලාපොරොත්තු මගෙන් ඈතකට අරන් ගිහින්… හැමෝම කියනවා ඔයාව අමතක කරලා දාලා අලුතෙන් ජීවිතේ පටන් ගන්නලු… ඔයත් මට එහෙම්මම කියනවා… අනිත් අය කෙසේ වෙතත් ඔයාවත් දන්නේ නැහැ මගේ ජීවිතේ ඔයා කියලා… ඉතින් මට කියල දෙන්න මන් කොහොමද මගේ ජීවිතේ අමතක කරන්නේ…

අතීතය

බිදිලා ගිය හීන

බලාපොරොත්තු

ආශාවල්

වල අදුරු සෙවනැලිත් එක්ක අළුත් ජීවිතයකට පියවර තියන්නේ කොහොමද මම…?

අයෙමත් වතාවක් කෑලි එකතු කරලා පණ ගැටගහගන්න හදවත හදාගන්න මට බැරි වෙන එකක් නැහැ… මගෙන් වෙච්ච පුංචිම පුංචිම වැරැද්දකට පවා සිය දහස් වාරයක් මට සමාවෙන්න… ආදරය කරපු හිතකින්දරපු හිතකින් වෛර කරන්න මට බැහැ… ඉගෙන ගෙනත් නැහැ… කාත් එක්ක කොහොම උනත් කමක් නැහැ ඔයා හොයන ඔයාගේ ආදරේ ඔයාට ලැබිලා ඒ කෙනත් එක්ක ජිවිත කළෙම සතුටෙන් ගෙවන්න වාසනාව ශක්තිය ආශීර්වාදය හැම අතකින්ම ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරන්නම්…

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sankalpana

http://writer-sankalpana.blogspot.com/

Thoughts of a heart ❤️

Related post