(අ) හිමි වැලන්ටයින්
එයිදෝ කියා මඟ බැලුවා
නෑ ඔබ ආවේ තවමත්
පෙම් බස් දොඩන්නට ඇමතුමක් ගත්තා
නැත පිළිතුරක් එයටත්
දනිමි සෙනෙහෙ බව මහට
ඔබේ හද පත්ලෙන්ම
දනිමි සිහිවන බව මෙමා
යුද බිමේදී වුවද
අවසන්ව නිවාඩුව
ගිය හෙයින් නුඹ කදවුරට
යළි එන්නේ මාසෙකින්
නොදන්නවා නොවේ එය මම
සැවොම සමරන ඒ ආදරයේ දිනය අද
සමරන්නට වරම් නැත නුඹ සමඟ ඉතින් මට
අවි දරා ඇති හෙයින් නුඹ රට රැකුමට
තනි වී හිදින්නම් අදත්,
පෙම් කළ නිසා රණවිරුවෙකුට…