සිංහලේ …
බෝතලේ අතේ
දුම ඇත කටේ
ගෙරි මස බඩේ
සිංහලේ ?
අනේ, පලයන් බන් මලේ …
හැදියන් පුතේ…
කිව්වට,
වැඩක් නැහැ අඩේ
දුවගේත් අතේ අද බෝතලේ ඇතේ…
රිදුමක් ඇතේ
හදවත කොනේ..
නොදකිමි තවත්
සිව්හෙලෙන්
සැදි
අපේ සිංහලේ…
කියපන් මලේ
තිබුනොත් කොහේ
තණකොළ නොකනා
නියම
සිංහලේ …
ගහපන් පුතේ
ඔය ස්ටිකරේ
ඇත්නම හදේ ඒ පිවිතුරු
සිංහලේ…