Pie chart on a stock chart with a budget

ටොයියන්ට කටගැස්මක් !

Pie chart on a stock chart with a budget
Pie chart on a stock chart with a budget

ආවා..  ආවා.. ඔබ පුල පුලා බලාගෙන සිටි “අය වැය බයියෙකුගේ ඇසින්” අවා…

 

වලව්වෙ බේබි මහත්තයා වොක්ස්වැගන් කාර් එකක් ගෙනැත්, හප්පේ තියෙන උජාරුව. ඉස්සර නම් ඉතිං ගෙවල් දෙක ඇර ගෙයකටවත් ඇල්ටෝ එකක් , මරුටි එකක්, අඩුම තරමෙ ත්‍රීවිල් එකක් හරි තිබුනා. ඒත් දුප්පතාගේ වාහනේ වෙච්චි ත්‍රීවිල් එකටත් අම්බානක බදු වැදිලා, මිලත් ලක්ෂ ගානකින් වැඩි උනාට පස්සෙ ත්‍රීවිල් එකක් ගන්න එකත් හීනයක්ම උනා. එන්න එන්නම තිබුණු බඩුමිල වැඩි වීමත් එක්ක තිබුණු වාහනත් විකුණන් කන්න උනා. තම්බින්ට හරක් විකුනනවා වගේ පොඩි මිනිස්සු ළඟ තිබුණු වාහන විකිණිලා ගියේ, බඩු මිල අමාරු නිසාම නෙමේ, තෙල් මිලත්, දුම් පරීක්ෂණ ගාස්තුත්, ලියාපදිංචි ගාස්තුත් දරාගන්න තරම් බැරි උණු නිසා.
වාහන තද බදය අඩු කරන්න පාරක් තොටක් හදනව වෙනුවට සතොස මහත්තය දිගින්දිගටම කරපු වාහන මිල වැඩි කිරීම් නිසා, දැන් සිග්නල් ලයිට් වල වැඩි හරියක් තියෙන්නෙ පුට් බයිසිකල්. ටිකක් ගම්බදව ආපහු තිරික්කලත්බිහි උනා.
කොටින්ම ඉස්සර sunny වල rexton වල, vezel වල ගියපු දොස්තර මහත්තුරු දැන් යන්නෙත් බයිසිකල්වලින් .
ඉස්සර ප්‍රචලිත වෙලා කරලියට එන්න හදපු nissan leaf වාහනයක් අද කලාතුරකින්,දකින්න ලැබෙන්නෙත් මැති ඇමති පවුලක කෙනෙක්ගෙ ලග විතරයි.වාහනයක් වත් ගන්න බැරිව ගමන් බිමන් යන්න වැඩි වශයෙන් මිනිස්සු බස් එකට හුරු උනා.
මිනිස්සු පාරට වැටුනට පස්සෙ සතොස මහත්තය අර මහ බැංකු වංචාවෙන් ගත්තාය කියන සල්ලි වලින් පුද්ගලික බස් රථ කිහිපයක් අරං දැම්ම කියල දන්නෙ කිහිප දෙනයි.
ගැසට් කරපු,රැකියා දශලක්ෂෙන් අන්තිමට බිහි උනේ රැකියා දෙකයි, එකක් අර්ජුන මහත්තයගෙ මල්ලිට ලැබුන, අනිත් එක මයිත්‍රී මහත්තයගෙ සහෝදරයෙක්ට ලැබුන.

නැති බැරි අය ,” ඇති හැකි අය කරමු” කරන්න පොරොන්දු වුනු උන්නැහෙලා අන්තිමට, නැති බැරි අය , ” බැරි බැරි” අය කළා.
ඇති හැකි අය – ” නැති බැරි අය” කළා
ඇති අය- ” තවත් ඇති අය” කළා.
ලංකාවේ ඇති නැති පරතරය තවත් සූක්ෂමව ත්‍රීවුර වුනු නිසා, නැවතත් හාමුලා” – වලව් ” ආදිය බිහි උනා.
කොටින්ම කියනවනම් නැවතත් භාණ්ඩ හුවමාරු තත්වයට පවා ආව, අම්මිරිස් කිලෝ එකක් දුන්නොත්, රත්තරං බඩුවක් හදාගන්න උනත් පුළුවන්, දෙහි ගස් දෙකක් තියෙනවනම් බංකුවට ඇපයට තියල ණයක් උනත් ඉල්ලුම් කරන්න පුළුවන් .

අන්තිමට විග්නේශ්වරන් මහත්තයයි, ආනන්ද සංගරී මහත්තයයි විපක්ෂෙන් යෝජනාවක් දාල උතුරෙන් කෑල්ලක් වෙනම ඉල්ලගත්ත.
ඒ නිසා දැන් උතුරෙ නම් බයික් හරි ලාබයි, එයාල රජය මැදිහත්වීමකින් තොරව තමිල්නාඩුවෙන් කෙලින්ම යාපනේට බයික් බාන සීන් එකක් ආරම්බ කරපු නිසා දැන් හැම සහෝදර දමිල මල්ලි කෙනෙක්ම වගේ පල්සරයක් , අපාචියක් ගන්නව යන්තම් ඇටෙන් පොත්තෙන් පැනපු ගමන්.
එහෙ ලයිසන්, හෙල්මට් බලන්නෙත් නැති නිසා, ඔක්කොම “ධනුෂ්” ල වගේ තමයි ඉතිං තන්ගච්චිල ලයින් කරන්න එහෙම යන්නෙ.
බදුරුදීන්ලා, හකීම්ලා, ෆවුසිලා ත් දැන් එකතු වෙලා, මඩකලපුවෙන් පොඩි කෑල්ලකුයි, විල්පත්තුවෙන් බාගයකුයි ඉල්ලනවා, එයාලගෙ හිත හොද නැතිවෙන නිසා අපූරු මොළයක් තියෙන අගමැතිතුමයි, ගෝලයො රොත්තයි එකතුවෙලා එහෙම ටිකකුත් දීල දාවි.
මුස්ලිම් ජනගහනය දැන් තකට තක මට්ටමට ඇවිත් තියෙන නිසාත් ජාති වාදේ ඇවිස්සෙන නිසාත්,අපි ඉතිං එව්වා ගැන එච්චර හෙවිල්ලක් බැලිල්ලක් නැතුවා .

කොයි ආණ්ඩුව ආවත් තලා පෙලා දැමෙන්නේ අපේ පංතිය නෙවැ
ඒ නිසා ඔන්න ඔහේ ආපහු හේනක් කුඹුරක් කොටාගෙන, අල බතල මයියොක්ක ටිකක් වවාගෙන,
බියර් ගණන් නිසා, තෙලිජ්ජ ටිකක් හරි , පොල් රා කට්ටක් හරි බීල කාරිය,
හිතේ ගින්දරින් තෝරා බීඩියකුත් පත්තු කරගෙන
වැස්සට තෙමෙන්නෙ නැතිව හබරල කොලේකුත් ඔලුවට දාගෙන ගෙදර එනවා.
ආඩම්බරයි ඉතිං.. ජීවිතේම පුල් මාවලස් !
ඇත්තටම මේක හරිම නැවුම් වෙනසක් ” කියල හිතට දැනෙනකොටත් පුදුම සනීපයි ..
රටකට ඕනෑ අපමණ අගයක්,
ආයේ ආයේ .. නොම ඉවසන්…

 

– by Harindra Abeywickrama

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post