ලංකාවේ වත්මන් තත්වය

දුම්සහතිකේ ගන්නේ කොහොමද හත් දෙයියනේ ……
දැන් නම් මට ජිවත් වෙලා වැඩක් නෑ මගේ මහින්ද දෙයියෝ……
ඒ උත්තමයා ඉන්න කාලේ අපි මෙහෙමද කෑවේ රත්තරනේ……. (පොලවේ පස් කමින් වැලපෙමින් බයි වහලෙක් හඩාවැටෙයි)
කොටි නැගිටලා…. කොටි නැගිටලා……. මේකද යහපලානේ (කදුළු පිසදා ගත් බයි වහලා උද්යෝගයෙන් කෑගසමින් ගම වටා දුවයි)
එතකොට මහින්ද මහත්තයා යුද්දේ ඉවරකරා කිව්වේ බොරුද ( ලගින් යන ටෝයියෙක් කින්ඩියක් දමයි)
පාමංකඩ පලයන් යුද්දේ පෙනෙයි…… (ලැජ්ජාවට පත් ටොයියා පසු පස නොබලා දිව යයි)
ඒ අස්සේ කොහෙන්ද අපු දෙමළ කොල්ලෙක් කෝච්චියට පනී…… ඒ කොටින්ට සපෝර්ට් එකටලු……
තත්වේ භයානකයි……..
ඒ අස්සේ විග්නේශ්වරන් ඒ මරුන කොල්ලා වෙනුවෙන් ඒ පැත්තේ පාසල් වහලා ශෝක දිනයක් කරා……
සමුහ දුෂණයට ලක් වෙච්ච වින්ද්‍යාටවත් නොතිබුන ආදරයක් විග්නේශ්වරන්ට අර පොඩි කොල්ලා වෙනුවෙන් දැනිලා…..
කොල්ලා කෝච්චියට පැන්නේ එයාගේ කැමැත්තෙන් ……. වින්ද්‍යා දුෂණය වුනේ බලෙන් ……..
හැබැයි හේතු දෙකක් ….. එකෙක් කොටි සපෝර්ට් එකට …….
අනෙක් එකේ ….. තමන්ගේම පැත්තේ දෙමල මිනිස්සු සෙට් එකක් උන්ගේ අසහනේට හා පලිගන්න…….
ලංකාවේ යුද්දේ ඉවරයි තමා …… එත් යුද්දේ ඇති වෙන්න බලපාපු හේතු තාම එහෙන්මමයි…….
එක පැත්තක් රටෙන් කැල්ලක් ඉල්ලනවා අපි බෑ කියනවා…….
මහින්ද යුද්දෙන් පස්සේ ඒ පැත්ත අලුතෙන් හැදුව……
පාලම් හැදුවා….. ඉස්කෝල හැදුවා….. කොච්චි යන්න පටන් ගත්තා…..
DNA බලලද කොහෙද චන්දේ ලංවෙලා ඒ පැත්තේ නැතිවෙච්ච් රත්තරන් බෙදුවා…..
එත් කැඩුන හිත් තාම එහෙන්මයි……
බෙදුන ජාති දෙකක් එකතු කරන්න වැඩපිළිවෙලක් හැදුවේ නෑ….. ඒ ගැන හිතුවේ නෑ……

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post