අපේ ප්‍රශ්න සහ දෙමව්පියන්

fathers love

හිතේ මොන තරම් ප්‍රශ්න තිබුනත් අම්මා තාත්තා ඉස්සරහ ඒවා හංගගෙන ඉන්න බලන්න. අවුරුදු ගානක් තිස්සේ හිතට දුකක් නොදී තමන්ව හදපු වපු දෙමව්පියන්ට දුකක් දෙන්න එපා. අම්මලා තාත්තලා කැමති නැහැ කිසිම දෙයක් හින්දා තමන්ගේ දරුවෝ දුක් විදිනවා දකින්න. හිතේ තියෙන තරහ මරහ කිසිම වෙලාවක ඒ අහිංසක මිනිස්සුන්ගේ පිටින් යවන්න යන්නත් එපා මොකද ඒක ගෙවාගන්න බැරි තරම් පවක්. කිසිම දෙයක් නොකියා හිටියත් තමන්ගේ දරුවෙක් දුකින් , හිත කරදරෙන් ඉද්දි අම්මලා තාත්තලට ඒක දැනෙනවා. ඒකම වෙන්න ඇති එයාලා අපිව සතුටින් තියන්න ඒ වෙලාවට අපි කැමති දේවල් දෙන්න / කරන්න හදන්නේ. දරුවෝ කොච්චර උස් මහත් උනත්, වයසට ගියත් දෙමව්පියන්ට තාමත් එයාලා පොඩි ළමයි…..මතක් කරලා බලන්න තමන්ගේ කොල්ලත් එක්ක එහෙමත් නැත්තන් කෙල්ලත් එක්ක තියෙන තරහ කී දවසක් අර ගෙදර ඉන්න අහිංසක දෙමව්පියන්ගේ පිටින් යැව්වද කියලා…..හිතේ ආවේගෙට කරන දේවල් නිසා අම්මට තාත්තට දුක් දෙන්න එපා….

ටිකක් නැවතිලා හිතලා බලන්න…..අපේ හිත වල තියෙන ප්‍රශ්න කාටත් කලින් තේරුම් ගන්නේ ගෙදර ඉන්න අම්මා තාත්තා දෙන්න නෙමේද කියලා , ඒ ගැන වචනයක් වත් නොකියා උනත්…..

පණ වගේ ආදරෙයි කියන අය වෙනස් වෙන , යාළුවෝ මග අරින , කාත් කව්රුවත් නැතුව අපි මේ ලෝකේ තනිවෙලා කියන අසරණ හැගීම හිතට දැනෙන එකම එක දවසක් හරි අපි හැමෝගෙම ජිවිත වල තියෙනවා…..එදාට හැරිලා බලන්න ජිවිතේ දිහා…..හිතලා බලන්න අපිට වැරදුනේ කොතැනද කියලා…..කොහොම උනත් වැටුන තැනින් නැගිටින්න අත්වැල සපයන්න අම්මයි තාත්තයි දෙපාරක් නොහිතා ඔයා ලග ඉදිවී…….ජිවත් වෙද්දී ප්‍රශ්න එනවා….

ජිවිතේ ගැන තමන් ගැන විශ්වාසය කවදාවත් නැති කරගන්න එපා….

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sankalpana

http://writer-sankalpana.blogspot.com/

Thoughts of a heart ❤️

Related post