අනේ අපිට ඉගෙනගන්න private campus වහන්න

මෙහි පළවූ පෞද්ගලික “රාජ්‍ය විශ්වවිද්‍යාල හා පෞද්ගලික විශ්වවිද්‍යාල” ලිපිය එක්තරා සහෝදරයෙක් මෙසේ  අදහසක් දක්වා තිබුණි.

කතෘවරයා උපාධිදාරියෙක්ද යන්න නොදනිමි. නමුත් ගැටලුවනම් කතෘවරයා ශිෂ්‍ය ව්‍යාපාරයේ අරමුන නිසි අයුරින් නොදැන සිටිමයි. ඔබ පවසන පරිදි z අගය යාන්තම් අඩු වූ අයටද මුදල් ගෙවා උපාධිය ගත හැකි බව සැබෑවකි… නමුත් පීඩිත පන්තියේ අසරණ ශිෂ්‍යයන්ට එසේ උපාධිය ලබා ගත හැකිද??? එදා මෙවැනිම ගැටලුවකදී පද්මසිරි ත්‍රීමා විතරානයන් වැනි සිසුවන් දිවි පුදා සටන් කල නිසා අදටත් සිසුන් දහස් ගනන් රාගම වෛද්‍ය පීඨයේ නිදහස් ඉගෙනුම ලබනවා. ඔබගේ තර්කය විශ්වවිද්‍යාලයට ඇතුලුවීම සදහා යාන්තම් ලකුනු අඩු වන අයටත් උපාධිය ගත හැකි කියන එකනම් දුප්පත් පොහොසත් සුදුසුකම් කම් ඇති කාටත් එක සේ අධ්‍යාපනය ලැබිය හැකි වන සේ විශ්වවිද්‍යාල සදහා ඇතුලු කර ගන්නා පිරිස වැඩි කර ගැනිම සදහා සටන් කරන්න සහෝදරයා…. ඔබට උපාධියක් ගන්න ලක්ෂ 80 නොදැනුනාට දුප්පත් අපිටනම් මහ මෙරක් තරම්…

ඇසීමට ඇත්තේ මෙයයි.

අධ්‍යාපනය ලැබිය හැකිවන සේ විශ්වවිද්‍යාලවලට ඇතුල් කරගන්නා ප්‍රමාණය වැඩි කරගැනීමට සටන් කලයුතු බවසැබෑය. එහෙත් ශිෂ්‍ය ව්‍යාපාර සටන් කරන්නේ එයටමද කියා ප්‍රශ්නයක් පනනැගේ. “පුද්ගලික විශ්වවිද්‍යාලවල වසා දමනු” යයි කෑගසනු අසා ඇතිමුත් “ඇතුල් කරගන්නා ප්‍රමාණය වැඩි කරනු” උත්ගොෂණ කරනවා අප කවදාවත් දැක නැත. “පුද්ගලික විශ්වවිද්‍යාල වසාදැමීමෙන් සිදුවන්නේ කුමක් හෝ ආකාරයකින් ඉගෙනගන්නා අයෙකුග් මග ඇහිරීමක් නොවේ ද? රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධි ගන්නා වෛද්‍යවරු lanka hospitals ,ආසිරි, නවලෝක වල පැය 24ම සේවා ලබාදෙන්නේ පීඩිත පංතිය වෙනුවෙන්ද? රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුලත්විඉමට z සාමාර්ථයක් ලබා ගන්නනේ සැබවින්ම දක්ෂයෙක්ය. ඒ ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන වක්‍රාකාරයෙන් එයට වියදම් කල රටේ ජනතාවට සේවයක් කිරීමට වෙනුවට තවත්කෙනෙකුට වල කැපීමට ශිෂ්‍ය ව්‍යාපාරය කටයුතු කිරිම ඉතාමත් කනගාටුදායකය. මිනිසුන් අරගලකරන්නේ අසාදරණයට විරුද්ද්වය. තමඅයිතිවාසිකම් දිනා ගනිඉමටය. අපරටේ ශිෂ්‍යන් අරගලකරන්නේ තවත් අයෙකුට වල කැපිඉමටය. අපටනම් පෙනේනේ ශිෂ්‍ය ව්‍යාපාරයන් වල හුදු බොරු මාන්නයක් හා දරුණු ඊරිසියාවක් පමණි. තේරුම් ගත යුත්ත්තේ මෙයයි. ලංකාවේ ඕනෑම විශ්වවිද්‍යාලයක් (රාජ්‍ය හෝ පෞද්ගලික) ලෝක ශ්‍රේණි ගතකිරිඉම් වල ඇත්තේ ඉතා පහල ස්ථානවල වල ය. ඒ නිසා ශිෂ්‍ය ව්‍යාපාරය කෙතරම් බඩ පිනුම් ගැසුවත් ඒ ලංකාව ඇතුලට පමණක් බවය. ලෝකයා ඉදිරියේ අප විශ්වවිද්‍යාල තුට්ටුවකට මායිම් නොවන කලක ශිෂ්‍ය ව්‍යාපාරය සටන්කරන්නේ ඒවායේ දියුණුව උදෙසාද ?

ඔබ වැනිම රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාර කර උපාදිය ගෙන වෛද්‍යවරයෙකු අපරටේ තත්වය පැහැදිලිකරන පහත article එක ඉංග්රීසි තේරෙනවනම් කියවා බලන මෙන් කාරුණිකව ශිෂ්‍ය ව්‍යාපාර සහෝදර වරුන්ගෙන් ඉල්ලාසිටිමි. https://www.facebook.com/notes/sahani-koralage/i-was-proud-to-be-a-doctor-from-the-colombo-medical-faculty-dr-lalith-perera/73418723668511

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post