මවා පාන යාළුවෝ ඉන්නවට වඩා හොදයි තනියෙන් ජිවත් වෙනවා

… යාළුවෝ … Friends …

යාළුවෝ ආශ්‍රය කරද්දි පරිස්සමෙන් කියලා අම්ම කියපු කතාවෙ අර්තය තෙරෙන්නෙ සමහර යාළුවො හැසිරෙන විදිය දැක්කමයි. සමහර අයට ‍යාළුකම් මතක් වෙන්නෙ උදව්වක් ඕනේ වෙද්දි විතරයි.උදව්ව ගත්තට පස්සෙ උන්නද මලාද කියලා වත් බලන්න එයාලට අමතක වෙන එකයි පුදුමෙ.සමහර අයට අලුත් අලුත් යාළුවො හම්බෙද්දි කලින් හිටපු යාළුවන්ව අමතක වෙනවා.එක බත් එක බෙදාගෙන කාපු,එක බීම එක මරු කරගෙන බීපු,එකට පිස්සු කෙලපු යාළුවන්ව අමතක කරන්නෙ අදුරන්නෙම නැති ගානට දාලා.පණ දෙන්න වගේ ලගින්ම ඉන්න යාළුවෝ උනත් කාලගුණේටත් වඩා ඉක්මනට වෙනස් වෙන වාර අනන්තයි.පුන්චි උදව්වක් කරන්න බැරි උන ගමන් මූන හොන්ඩර ගානට එල්ලගෙන දවසක් දෙකක් කතා නොකර ඉන්න යාළුවන්ගෙන් වැඩක් තියෙයිද…මට නම් වැඩක් නෑ.මොකද මම යාළුවෝ ආශ්‍රේ කරන්නෙ ලාබ ප්‍රොයොජන බලාගෙන නෙමෙ.කිසිම යාළුවෙක්ගෙ පෞද්ගලික ජීවිතේට ඇගිලි නොගහ ජිවත් වෙන එක මගෙ විදිය.ඒත් සමහර ‍යාළුවො කියලා කියා ගන්න අය අපේ ජීවිත වලට බලපෑම් කරන්න හදන්නෙ හරියට අපි එයාලගෙන් කාලා ඇදලා ඉන්නවා වගේ.එපා වෙනවා.එහෙම යාළුවන්ව friend list එකේ restricted ගොඩට වැටෙන්න යන්නෙ ටික දවසයි.තමන්ගෙ සතුට ගැන විතරක් හිතන, ආත්මාර්තකාමී , ඉරිසියාකර යාළුවෝ ලග ඉද්දි අපේ සිතුම් පැතුම් උනත් ඒ විදියට වෙනස් වෙන්නෙ අපිටත් නොදැනිමයි.ඒ හින්දා මීට පස්සෙ නම් මම කෙනෙක්ව close friend කෙනෙක් කරගන්න කලින් ගොඩක් හිතනව.හොදට තියෙන හිත නිකන් virus වලින් පුරව ගන්න ඕනේ නෑනෙ. යාළුවෙක්ව ජීවිතේට ලන් කරගන්න කලින් ගොඩක් හිතන්න එයාට අපේ ජිවිතේ දෙන්න යන තැන ගැන…

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sankalpana

http://writer-sankalpana.blogspot.com/

Thoughts of a heart ❤️

Related post