හිට්ලර් ගියා…. චැප්ලින් ආවා….

coloribus-hats-hitler-vs-chaplin-original-53948

හිට්ලර් ගියා…. චැප්ලින් ආවා…. ලංකාවට ඇඩ්රස් නෑ

කොටි ත්‍රස්තයන් නිදහස් කරන, යුද විරුවන් සිර ගත කරන මගුල් ප්‍රජාත්‍රන්තවාදය.

හයිබ්‍රිඩ් වාහන වල බදු වැඩි කරන ඉන්දියන් ලදරන්වල මිල අඩු කරන කසිකබල් අපමණ අගය.

බලා ඉදෙද්දී රුපියලේ අගය පහත වැටෙන රෙද්දේ යහ පාලනය.

කරගන්න බැරි නං ඔය ආණ්ඩුව දීපන් ළමයෙකුට

ඔයා නං මොලයක් නෙමෙයි අලයක්

……………………………………………………………………………………………………………………..

එයාටම හරියන අපේ කාලේ සිරිසේන

ත්‍රිවිද හමුදාපතිවරුන් FCIDගෙනිච්චේ ඇයි කියලා ඇහුවාම එයා කියනවා මම දැනුවත්ව නෙමෙයි ගෙනිච්චේ කියලා. එහෙනම් අපිට කියලද ගෙනිච්චේ. ඇදන් ඉන්න රෙද්ද ගලවෙන ගියත් මේ මනුස්සයා කියාවි එක දැනුවත්ව නෙමේ වුනේ කියලා.

එහෙව් රටේ රටට නිදහස ලැබූන අවුරුද්ද දන්නේ නැති කලාකාරයෝ ඉන්න එක අහන්නත් දෙයක්ද. මේ විදියට ගියොත් අනාගතයේ බිහිවෙන ශනුද්‍රිලා, දසුන්ලා මොකද්ද ලංකාව කියන්නේ කියල ඇහුවත් පුදුම වෙන්න දෙයක් නෑ.

බලාගෙන ගියාම ආපු චැප්ලින්ට වඩා හිටපු හිට්ලර් හොදයි වගේ !

ඔයාටත් කියන්න තියෙන්නේ මහත්තයෝ කරගන්න බැරි නං ඔය ග්‍රාමසේවක කම දීපන් කරන්න පුළුවන් එකෙක්ට ……. ලංකාවට ඇඩ්රස් නැති නොකර….

– පැතුම් විදානගමගේ

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post