සෙල්ෆි – Selfie

 

මිට අවුරුදු පහ හයකට කලින් නම් සෙල්ෆි කිව්වම කට්ටිය උඩ බිම බලන්නත් තිබුනා. එත් සෙල්ෆි කිව්වම අද කිසිකෙනෙක්  නොදන්න වචනයක් නෙමෙයිනේ .  අදටත් නොදන්නා කවුරුහරි ඉන්නවනම් දැනගන්නත් එක්ක  කියන්නේ  තමන්ගේ කැමරාවෙන් තමන්ගේම ෆොටෝ ගැනීමට තමයි සෙල්ෆි කියන්නේ .  වාර්තා වල හැටියට නම් කැමරාව සොයාගත් කාලේ ඉදලමයි මිනිස්සු ඒ විදියට ෆොටෝ අරගන්න පුරුදු වෙලා  තියෙන්නේ. එත් ඒවාට සෙල්ෆි කියන නම ලැබිල තියෙන්නේ බොහොම මෑත කලෙකදී.   අද කලේ කොල්ලන්ට කෙල්ලන්ට  කොහෙහරි ගමනක් ගිහිල්ල සෙල්ෆියක් ගන්න  බැරි වුනොත් එක ලොකු අඩුවක් . හරියට ගමන ගියාට ගියේ නෑ වගේ .

පොල්ෆි කියන්නෙත් සෙල්ෆිවලම තවත් වර්ෂන් එකකටනෙ . පොලිසියත් එක්ක ගහන සෙල්ෆි වලට තමයි පොලිෆි කියන්නේ . දඩ සෙල්ෆි කියන්නෙත් ඒවාටම තමයි .  ට්‍රැෆික් පොලිසියත් එක්ක ගහන සෙල්ෆි මෙවට  විශේෂයි. පොල්ෆි ගහන්නම දඩ කාපු අයියලත් පහුගිය කලේ නොහිටියාම නෙමේ . එත් ඉතින් වරදක් කරලා එක ලෝකෙටම පෙන්න ෆොටෝ ගහලා  දාන එක නම් එච්චර හොද දෙයක් නෙමේ. 


ගත්ත ගමන්ම  අප්ලෝඩ් කරන්න එකෙන් තමයි සෙල්ෆි අනිත් ෆොටෝ වලින් විශේෂ වෙන්නේ. ඉස්සර නම් කැමරාව අනිත් පැත්ත හරවලා, සෙල්ෆියක් ගන්න ලොකුගේමක් දෙන්න ඕන. ෆොටෝ 100ක් ගත්තොත් එකක් දෙකක් තමයි ඒවායින් හරියට වදින්නේ. එත් දැන් සෙල්ෆි ගන්නම ෆෝන් වල වෙනම ක්මරාවක් එනවා. ඒ නිසා අපේ කොල්ලන්ට කෙල්ලන්ට දැන් කිසි කරදරයක් නැතුව සෙල්ෆි ගහන්න පුළුවන්.


සෙල්ෆි වලින් ලැබිච්ච ලොකු වාසියක් තමයි group selfie කියන්නේ . ඉස්සර නම් කට්ටියක් එක්ක ට්‍රිප් එකක් යනකොට  ගෘප් ෆොටෝ එකක් ගන්න ගියාම ෆොටෝ  එක  ගන්න කෙනාව ෆොටෝ එකට අනිවාරෙන්  මග ඇරෙනවා .  එත් දැන් ගෘප් සෙල්ෆි තියෙන  නිසා එහෙම දෙයක් වෙන්නේ  නෑ. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි 100ක් 200ක් වුනත් සෙල්ෆිය ඇතුලට ඔබා ගන්න අද අපේ අයියලාට පුළුවන්වෙලා  තියෙනවා. 


සෙල්ෆි ගන්නකොට ශරීරය  දෙකට තුනට නවලා කට උල් කරන  එක  කාන්තාවන්ටම විශේෂ ලක්ෂණයක්. එහෙම කරේ නැත්නම සම්පුර්ණ ඇඟම  සෙල්ෆියට  වදින් නැතුව ඇති මගේ හිතේ. කාන්තාවන් අතර  ජනප්‍රිය තව දෙයක් තමයි washroom selfie .  අද වොෂ් රූම් එකකට යන කාන්තාවක් ශරීර කෘත්‍ය කරනවට අමතරව  කරන වැඩක් තමයි මේ වොෂ්රූම් සෙල්ෆි ගන්න එක. හැබැයි ඉතින් සෙල්ෆි ගන්නම වොෂ් රූම් යන කාන්තාවනුත් මේ අතර නැතුවම නෙමෙයි. 

සෙල්ෆි වල තියෙන අලුත් ට්‍රෙන්ඩ් එක  තමයි අවදානම් තැන වල ඉදල සෙල්ෆි ගන්න එක.  එත් ඒවගේ තැන්වල ඉදල සෙල්ෆි ගන්න ගිහින් ජිවිතේ අවසන් සෙල්ෆිය ගත්ත බොහො දෙනෙක් ගැන පහුගිය ටිකේ වර්තා වෙලා තිබුනා.   සෙල්ෆියක් ගහන්න තමන්ගේ ජීවිතය අවදානමකට ලක් කරන එක නම්  අමු මෝඩ  වැඩක්. එක ඒ අයට තේරුනේ නැද්ද එහෙම  නැත්තම ඒ අයට ජීවිතේට වඩා සෙල්ෆිය ලොකු  වුනාද කියන්න නම් දන්නේ නෑ.

මේක ලියන මමත් අඩුවක් නැතුව සෙල්ෆි ගන්න කෙනෙක් නම්  තමයි. එත් ඉතින් මම නන් කවදාවත් සෙල්ෆියකට ජීවිතය ලඝු කර ගන්න සුදානම්  නෑ. මේක කියවන නංගිලා මල්ලිලා අක්කලා අයියලා ගෙනුත් මට ඉල්ලන්න  තියෙන්නේ,  ඇති තරම් සෙල්ෆි ගන්න හැබැයි සෙල්ෆියකට තමන්ගේ වටිනා ජීවිතය නං අවදානමකට ලක් කර  ගන්න හදන්න එපා.

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post