එය යහපාලනය නම් විය

පරිප්පු 200යි සීනි 80යි
හාල් 96යි 90යි

බලයට එද්දී නම් කිව්වා අතවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කරනවා කියලා. ආපු ගමන් නම් ටිකක් අඩු කලාලු ඒත් දැන් ආයි බඩු මිළ අහස උසට. දැන් මිනිස්සු කෑම කන 1 නවත්තලා මගේ හිතේ.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප නම් 10000කින් වැඩි කලා. ඒ හන්ද දැන් භාණ්ඩාගාරයේ සල්ලි නෑලු රට සංවර්ධනය කරන්න ඉතින් සියලු සංවර්ධන කටයුතු අතරමග. එයාලගේ වචනෙන් කියනවා නම් තාවකාලිකව නවතලා.

විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩි කළා කියලා චන්ද ටික ගත්තා ඒ උනාට මොකක්ද කලේ ජීවන වියදම් සදහා දෙන ප්‍රමාණය කපා හැරලා අගෝස්තු මාසෙදි මාස 2ක වැටුප් වැඩිවීම 1ට ගෙව්වා. කිසිම දැනුවත් කිරීමකින් තොරව. ඉතින් විශ්‍රාමිකයින් අගෝස්තු 17 ගිහින් අලියට කතිර ගහලා අවා හරි සතුටින් ඒත් සැප්තැම්බර් වැටුප ගත්තමයි දැන ගත්තේ ඇත්ත. දැන් ඉතින් මොනවා කරන්නද?

හිටපු ජනාධිපති තුමා හදපු දේවල් වර්තමාන ජනාධිපති තුමා අතින් විවෘත කරනවා ඒත් අලුතින් හදන දෙයක් නම් නෑ. තාමත් රට හදපු හදන්න මහන්සි උන මිනිස්සුන්ට වංචාකාරයෝ කියල කෑ ගහනවා ඒත් තාම සාක්ෂි ඇතිව ඔප්පු කරගත්ත දෙයක් නම් අපි දැක්කේ නෑ. කොළඹ ආයිත් ජරා වෙලා අපිරිසිදුයි. ඉස්සර පොඩ්ඩ වැස්සම ගං වතුර ගලන කොළඹ ඒ තත්වෙන් ගොඩ ගත්ත මිනිස්සු අද මහජන මුදල් කොල්ල කාපු දුෂිතයෝ වංචාකාරයෝ.

රට වෙනුවෙන් යුද වැදුණු ඒ රණවිරුවෝ අද යුද අධිකරණයට ගෙනියන්න කතාව. සමහරු කෑ ගහනවා යුද්දයේ ජයග්‍රහනයක් නෑලු. යුද්ද කිරීම නිවට කමක්ලු. මේ ඩිස්නිලන්තයක්ලු, එකට ජාතක කරපු අම්මට තාත්තට මාධ්‍ය ඉස්සරහ බයින 1ද එතකොට වීරකම? යුද්දේ දින්න ඒ සෙබළුන්ට එහෙම වෙද්දී යුද්දෙට අණ දීපු අයට උසස් තනතුරු, අතට පයට සේවකයෝ, අසීමිත බලය…

අවසානයේදී කීමට ඇත්තේ මෙය ශ්‍රී ලංකාවේ යහපාලනය නම් වේ .
සැ .යු.- මෙහි සදහන්ව ඇත්තේ මාගේ දැක්ම බව කරුණාවෙන් සලකන්න.

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yashmika

Related post