“සුජි ඔය ෆෝන් එක දීපන් ළමයෙකුට”
හදිස්සියේම කෝල් කරේ
වෙලාවක් හොයාගන්නේ හරිම අමරුවෙන්නේ
මෙහෙ මිනිස්සු හරිම නපුරුයි
මගේම අවාසනාව
ෆෝන් එක ගත්තේ මම හොයන හැම සතේම නැති කරන මගේම මිනිහ
මගේ දරුවෝ කොහොම ඉන්නවද මන්ද
අනේ උන් බඩගින්නේ අඩනවද
අම්ම කෙනෙක් මම , හිතකින් ආවා නෙවෙයි..
වාවන්නේ නැහැ දෙවියනේ …
එත් මොන කරන්නද
උන්ට කොහොමහරි උගන්වන්න ඕන
මම විදින දුක උන්ට විදවන්න දෙන්නේ කොහොමද …
මේකට දුන්නොත් මගේ මේ සොච්චමත් විනාශයි
“සුජි ඔය ෆෝන් එක දීපන් ළමයෙකුට “
මට සමාවෙයන්
මේවා උබලට ඇහුනට…