මොහොතක් සිතන්න…

සෑම දිනකම උදෑසන අප අවදි වී අපගේ සුපුරුදු දින චර්යාව ආරම්භ කරන්නෙමු. මෙය අප ජීවිතකාලය පුරාම සිදුකරන්නකි. සියලු දෙනාම ජීවිත අරගලය ජය ගැනීමට වෙර දරනු මිස මෙම අරගලයෙන් මිදීමට අදහස් නොකරයි. ඒ මන්දයත් දෛනික ජීවන රටාව තුල පවතින තාවකාලික සැපය කරණ කොට ගෙනය. මෙම තාවකාලික සැපය තීව්‍ර කර ගැනීමට මිනිසා නොදරන වීර්යයක් නොමැත. මෙහිදී අනෙකා අභිබවා යාමට තවකෙකු දරන වෑයම විස්මය දනවන සුළුය. මෙහිදී මට ශේක්ස්පියර් නමැති විශිෂ්ට සාහිත්‍යධරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් සිහියට නැගේ. එය මෙසේ දැක්විය හැක. අප ගත කරණ ජීවිතය නාට්‍යයකටත් එම නාට්‍යයට රංගනයෙන් දායකත්වය ලබා දෙන නළුවන් / නිලියන් ලෙස අපවත් ඔහු උපමා කොට ඇත. අප සියලු දෑ සිදුකරනුය අපගේ මනාපය පරදිය. උදාහරණ වශයෙන් අප ලබාගන්නා අහර හුදෙක් බඩගින්න නිවාගැනීමට හෝ ජීවිතය පවත්වා ගෙන යාම පිණිසවේ. එහෙත් තත්කාලීන මිනිසාගේ රුචිය කොතෙක්ද යත් එකම ආහාරය නානාවිද ආකාරයට නිපදවීමට පෙලඹි ඇත. මෙයින් සිදුවන්නේ අප තුල පවතින නොනිමෙන රස තෘෂ්ණාව තව තවත් තීව්‍ර වීම මිස අපගේ අවශ්‍යතාවන්හි සැපිරීමක් නොවේ. තවද තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවත් සමග නිරන්තරයෙන් විවිධ නව නිර්මාණ බිහිවේ. මෙම  ක්‍රියාවලිය නිසා අප මෑතකදී මිලට ගත් දෙයක් කෙටි කාලයක් තුලදී තවදුරටත් දියුණු කරණ ලද වෙනත් එවැනිම දෙයක් මගින් ප්‍රතිස්ථාපනය කරන්නේ තවකෙකු මෙම නවීන උපකරණය  ඔවුන් සන්තකව දැකීම නිසා තමාටද එවැන්නක් සතු කර ගැනීමට ඇති බලවත් ආශාව හේතුකොට ගෙනය. මිනිසා බලය හා ධනය හමුවේ නොකරන දෙයක් නොමැත. හොදින් හෝ නරකින් තම සිතැඟි දෙය තමා සන්තක කරගැනීමට නිරන්තරයෙන්ම උත්සුකව කටයුතු කරයි. ඇතැමෙක් මුදල් හෝ ධනය හමුවේ තවකෙකුගේ ජීවිතය වූවද නැති කිරීමට පෙළබෙන්නේ තමාගේ තවාකාලික සතුටට මුල්තැන දෙමිනි. මොවුන් මෙසේ ක්‍රියාකරන්නේ ඔවුනට විඳීමට සිදුවන ආදීනව ගැන නොසිතීම හෝ නොතැකීම නිසාය. සියලු දෙනාටම උරුම වූ නොවැලැක්විය ධර්මතාවයක් ලෙස මරණය ගෙනහැර දැක්විය හැක. බහුතරයක්  මරණය හමුවේ අසරණවේ. කිසිවකු උපදින විට තමා සමඟ රැගෙන ආ භෞතික දෙයක් නොමැත.මියයන විටද රැගෙන යන දෙයක් ද නොමැත. තවද අප මියැදෙන්නේ කවදාද යැයි නිශ්චිතවම කිවනොහැකිය. මෙවන් අස්ථිර ජීවිතයක් ගතකරන අප සියළුදෙනා මෙවැනි තාවකාලික සැපයක් පසුපස හඹා යෑමේ ඵලය කුමක්ද ? මෙම තීරණය ගැනීම ඔබ සතුය. ඔබ මේ දුක්ඛිත ජීවිතය තවදුරටත්  පවත්වාගෙන යාමට යනවාද? එසේත් නැත්තම් මේ දුකින් අත්මිදෙනවද?

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Reality

Related post