අපේ නොවන – අපේම සිං-හල

ජපානය කෙතරම් දියුණු රටක් වූවත්, ජපන් භාෂාව ලෝකයේ නොදියුණුම භාෂාවන්ගෙන් එකක්. ඒත් ජපන තමන්ගෙ භාෂාව පාවා දී නෑ. අධ්‍යාපනය, රාජ්‍ය පාලනය, පොදු ස්ථාන වල භාවිත වෙන්නෙ ජපන්. භාෂා දෙක තුනක් නෑ. ජපන් භාෂාවේ එන hiragana, katakana හා kanji වලින් එකම වර්ණය උච්චාරණය කිරීමට හැකි වූවත්, ජපාන ඔය 3 පටලවාගෙන නෑ. චීනෙන් අහුලගත්ත kanjiත්, ඉංග්‍රීසියෙන් ආපු katakanaත් සහ සමහරක් සිංහලයෙන් ගත්තුවෙත් සහ තවත් ඒවායේ එකතුවක්. kanji අකුරු 3000ටත් වැඩී. katakana වචන ජපනටම පැටලෙනව. ඒත් ජපන ඒක තමන්ගේම කරගෙන… තමන්ටම කියල අනන්‍යතාවයක් හදාගෙන .

අපි එහෙමද!!!! සිංහල අකුරු 54න් කරන්න බැරි දෙයක් තියෙනවද? ඉංග්‍රීසි නැතුව ජාත්‍යන්තරයට යන්න බෑ කිව්වට, ජපන Toyota, Sony, Yamaha, Honda වගේ දේවල් වලින් ලෝකෙම අල්ලල නැද්ද? ජපානෙ තෘතීක අධ්‍යාපනයට යනකන් අධ්‍යාපනය ජපන් භාෂාවෙන්. ඒ කියන්නෙ,  ඔවුන් හිතන්නෙ තමන්ගෙ මව් භාෂාවෙන්. ඒක ජාතියට අභිමානයක් කරගෙන. (ආ.ව්‍ය.  78 ටේ පරිච්චේදය 4- 21(1) වගන්තියට අනුව) ලංකාවෙ මූලික  හා ද්විතික අධ්‍යාපනයට යනකන් තමන්ගේ අභිනය අනුව තමන්ගෙ මව් භාෂාවෙන් ඉගෙනගන්න පුළුවන්. නමුත් මී මුතු පරන්පරාවෙන්ම සිංහලයට නෑකම් කියන බොහෝ පිරිස මූලික අධ්‍යාපනය  හදාරන්නෙත් සුද්දගෙ භාෂවෙන්මයි. මව් භාෂාවෙන් ඉගෙනගැනීම පමණක් නොවේ.. කතාකිරීමත් ලැජ්ජාවක් කරගෙන. සිහල ඉතිහාසයේ ලංකාව අති දියුණු රටක්ව පැවතුනත්, ඒවාට ඇස් පනාපිට සාක්ෂි තිබුනත්…21වන සියවසේ ලාංකිකයා ඒවා බලා ඉතිහාසයට ආවඩනවා මිස වර්තමානය ගොඩනැගීමට යටිතලය ගොඩනගන්නේ නැත.

අද ලංකාව දියුණු වෙමින් පවතින රටක්!? මා නිර්ණායකයන්ට අනුව නම් මේ සියවසේ ලංකාව දියුණු රටක් බවට පරිවර්තනය වනවා බොරුය. ලෝක උරුම, අන්තර්ජාතික සංරක්ෂණ කලාප කෙතරම් මෙරට පැවතුනත්.. ලාංකිකයාගේ මනස බුද්ධිශෝධනය නොකර මෙරට දියුණුවේ මගට ඔසවාතැබිය නොහැක. ප්‍රථමයෙන්ම Li Kuan Yu ලියූ The Singapore Storyය පාසල් ශිෂ්‍යයා අතට පත්කළ යුතුය.

එකී බුද්ධිශෝධනයේ අවිපරිත නිර්ණායකය විය යුත්තේ මව් බසයි. තම මව් භාෂාවෙන් සිතීමෙදී, මව් ජානයන්ට ආවේණික වූ නියුරෝන ක්‍රියාකාරීත්වයෙන් සිතීමේ හැකියාව අන් බසකින් සිතනවාට වඩා වැඩිවන බව මනෝ විද්‍යාවෙන්ද සනාථවී අවසන්ය. අද ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල තුල ඉංජිනේරු අධ්‍යාපනය මුළුමනින්ම ඉංග්‍රීසියෙන් ය. නව නිර්මාණ බිහිවෙයි ද? මදක් සිතන්න… ජපානය,ජ’මනිය,කොරියාව,රුසියාව..තාක්ෂණික විප්ලවයේ හිනිපෙත්තේ සිටින රටවල විශේෂයෙන්ම තාක්ෂණික අධ්‍යාපනය මුළුමනින්ම තම මව් බසෙනි.

එක්කො අපිත් ගැත්තන් වෙමු… මව් ජානයන් පසෙක තබා සිං-හෙලය අමතක කරමු!

එදා CWW කන්නන්ගර තුමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 4 ගේනකොට (1956), එතුමා හිතන්න ඇති ලංකාවත් ජපානෙ වගේ කරන්න. ඒ ප්‍රතිසංස්කරණ වලින් කාලගෝචර නොවනම එක ‘සිංහල අධ්‍යාපනය’ට මුල්තැන දීමේ ප්‍රතිසංස්කරණය යැයි දැන් දැන් මට සිතේ . ජපන් භාෂාව ජපානෙ හිතන,වැඩකරන භාෂාව උනත් ජපනත් දැන් සුද්දගෙ භාෂාව හොදින් හසුරුවයි. ඒ ලෝකය සමග උරෙනුර ගැටීමට ඇති අවශ්‍යතාවය ය. මෙහි සිමන්තය අප මව් බසට පමණක් සීමා වී ව්‍යවහාර කළයුතු යන්න නොවේ. අන්තර්ජාතික මිනිසෙකු වීමට, ලෝකය හා ගනුදෙනු කිරීමට විජාතීය බසක් උපස්තම්භයක් කොට ගත්තන්, එම බස අපේ කොට තකා අපේකම හා පටලවාගත නොකළ යුතු යන්නයි.

කෙසේවෙතත් අප ආ.ව්‍ය. 21(1)ට අනුව තෘතික අධ්‍යාපනය ජාතික භාෂාවෙන්ම හැදෑරීමට සම්බාධක නොමැති බැවින්, සිතීමේ අයිතිය හා තම භාෂාව, එසේත් නැතිනම් රාජ්‍ය භාෂාව හැසිරවීමට ඇති අයිතිය කඩකිරීමක් සිදු නොවේ නම්… එකී  තීන්දුවේ ප්‍රථිපලයෙන්, ආ.ව්‍ය. 14(1)a හි එන ප්‍රකාශනයේ ඇති නිදහස නැතිකිරීමක් සිදු නොවේද? එසේත් නැත්තම් භාෂණයේ අයිතිය?

එනම් මෙම අධ්‍යාපන ක්‍රමය තුළින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු නොවන්නේද!!!

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Dasun Ranasinghe

Virtue is harmony :)

Related post