අඩු මුදලට ලන්සු තැබීම

Pound-Coins-4 මේ කතාකරන්න යන්නේ වෙන්දේසියක් ගැනවත්, ටෙන්ඩර් කඳවීමක් ගැනවත් නෙමෙයි. කලක් ජාත්‍යන්තර වෙලදපොලේ ඉහල මිලකට අලෙවි වුන නමක් අද ගමේ කඩමණ්ඩියේ අඩු මුදලකට විකිණීම ගැන කියන කතාවක්. ඒ වෙන කාගෙවත් නමක් නෙමෙයි හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ කියන නමය.

ඒතුමාගේ නම කලකට පෙර මෙරට පමණක් නෙමෙයි ජාත්‍යන්තරයේ පවා කතාබහට ලක්වුන රාජකීය නමක්. ඒත් අද ඒ නම සමාජයේ ගණන් ගන්නේ නැති තැනට පත්වෙලා. එකට වග කියන්න ඕන වෙන කවුරුවත් නෙමෙයි, එතුමාගේ නම විකුණලා පාර්ලිමේන්තු යන්න පාර කපාගත්තු, නැවත බලයට ගෙන එන්න කියල එතුමාව නන්නත්තාර කරපු කරපු උදවියමයි. නමින්ම කිව්වොත් විමල් විරවංශ, උදය ගම්මන්පිල, වාසුදේවලා වැනි අයයි.

නගරසභා ඡන්දෙකට ඉදිරිපත්වෙලා මනාප ඡන්ද 100ක් වත් ගන්න බැරි ඒ උදවිය මහා මැතිවරණේට තරග කරලා මනාප ඡන්ද ලක්ෂ ගණනින් ගත්තේ මහින්ද රාජපක්ෂ කියන නම විකුණලා බව කටවත් අමුතුවෙන් කියන්න ඕන නැනේ. ඒ අය තමන්ගේ මනාප වැඩි කර ගන්න මහින්ද රාජපක්ෂ කියන නම අමු අමුවේ විකුණුවේ එතුමා 30වසරක් මෙරට පැවතී කුරිරු යුද්දය නිමා කරලා දුන්න සේනාධිනායකයා කියන එකත් මොහොතකට අමතක කරලා.

මැතිවරණ ප්‍රතිපල නිකුත් කල දවසේ උදේ පාන්දර සමහරුන්ගේ ෆේස්බුක් පිටුවල “සන්ධානේ මැතිවරණෙන් පරාදයි, එත් මට නම් ඡන්ද ලක්ෂ 2ක් ලැබිල තියෙනවා” වැනි ප්‍රකාශ නිකුත් කිරීමෙන්ම පහැදිලි වෙන්නේ ඔවුන්ට තිබුනේ හුදෙක් තමාගේ මනාප ගොඩ වැඩි කරගැනීම විනා පක්ෂේ ජයග්‍රහණය ගැන හො රට ගැන හැගීමක් නොවන බවයි.

කෙසේ හෝ මහින්ද රාජපක්ෂ මහතා නැවත සමන්‍ය මන්ත්‍රී වරයෙක් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වී ඉවරයි. එතුමා පැතු බලය මන්ත්‍රී කමකට සීමා කරන්න ලක්වාසි ජනතාව ඡන්දය දී තිබුනත් එතුමා නැවත බලයට පත් කරන්න එතුමා වටේ සර් කියාගෙන හිටපු උදවිය, එතුමාට මන්ත්‍රතුමා කියල කියන්න කොහොම හිත හදා ගනීවිද කියල නම් කියන්න දන්නේ නෑ.

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post