~රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා පක්ෂ අභ්‍යන්තර පරිපාලනය පටලවා ගැනීම~

අපේ රටේ සමහරුන් තම වාසිය පිණිස වචනවල අරුත් පටලවා අන් අය මුලා කිරීමට ඉතා දක්ෂ බව අපි ඉතා හොදින් දනිමු.
අද දින යම් එක් පක්ෂයක් තුළ ගන්නා ලද පරිපාලනමය තීරණයක් ක්‍රියාත්මක කරමින් එම පක්ෂයේ නායකත්වයට එරෙහිව යමින් සිටි පිරිසක් පක්ෂයෙන් නෙරපීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමක් යැයි අහිංසක සාමාන්‍ය ජනතාව මුලා කිරීම කිසිසේත් අනුමත කල නොහැක්කකි.
යම් පක්ෂයක් තුළ වේවා, යම් සංවිධානයක් තුළ වේවා එහි ව්‍යවස්ථාවට අනුව යම් පරිපාලනමය තීරණයක් ගෙන එය ක්‍රියාත්මක කිරීම මගින් රටේ ප්‍රජතන්ත්‍රවාදයට අභියෝගයක් වෙතැයි කිසිවෙක් ප්‍රකාශ කරත්ද එයින් වැටහෙන්නේ ඔවුන්ගේ දේශපාලනික අද බාල මුග්ධතාව හැර අන් කිසිවක්ද?

පක්ෂ/ සංවිධාන තුළ එහි නායකයින් විසින් ගන්නා තීරණ රටේ සමස්ත පොදු මහජනතාවටම බලපාන්නේ නම් එයට එරෙහිව හඩ නැගීම කිසිදු වරදක් නැත. ඒත් කෙනෙකුගේ පක්ෂ සාමජිකත්වය අත්හිටුවීම බලපාන්නේ එම පක්ෂයේ සාමාජිකයන්ට පමණක් හෙයින් පක්ෂ නායකයා ඒකාධිපතියෙක් කියා කියාගත්තාට අපට ප්‍රශ්නයක්ද නැත.

එහෙත් ඔබේ පක්ෂය තුළ සිදුවූ දේවල් රටේ පොදු මහජනතාවට ගලපමින් රටේ රාජ්‍ය නායකත්වය ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි පැවසීම තුළින් ඔබ උඩ බලාගෙන කෙළ ගසා ගන්නේ තමන්ගෙම මුහුණට බව අමතක නොකරන්න.

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post