රස්තියාදුකාරයා

රස්තියාදුකාර හීන වලට සිල්ලර වලින් වටිනාකම් හොය හොයා ඉන්නකොට, උඹ ඩොලර් වලින් තිබ්බ ලන්සුවට හිත ගැස්සිලා ගියා. ඉස්සර Rasthiyadukarayaගොන්මං වෙලාවට ගුරු පාරෙ බෝක්කුව උඩින් ඉදගෙන රතු වෙච්ච අහසෙ කූඩු හොයාගෙන යන කුරුල්ලො දිහා බලාගෙන මටත් උන්ට වගේ ඉගිල්ලෙන්න අත්තටු තිබුණ නම් කියල හිතපු මං දැන් ඩිස්කො ලයිට් මැද්දෙ  අවසිහියෙන් නටනවා.. නෑ පැද්දෙනව.. ඒකත් වෙන එකෙක්ගෙ තාලෙකට. මට අත්තටු එපා.. ටැටූ ගහල කොණ්ඩෙ ස්පයික් කරපු මේ හිතක් පපුවක් නැති ජීවිතේට වඩා මං කලින් හිටපු, සරමක් ඇදන් ගම පුරා කරක් ගහපු ගොඩේ රස්තියාදුකාරයට ආදරෙයි… මට ආයෙත් හීන බලන්න ආසයි. කවමදාවත් හැබෑ කරගන්න බැරි ඒවා.. එතකොට උඹ මට කියයි කාලකණ්නිය කියල.. උඹ කැමති දෙයක් කියපන්, කැමති දෙයක් හිතපන්.. මට කමක් නෑ. මං ජීවත් වෙනව.. තත්පරයක්වත් විදවන්නෙ නැතුව හිතේ සතුටින්…

~හිරාන් හේරත්~
Like on Fb – අහිංසක නෙතු – Ahinsaka Nethu (සිහින ආදරයේ මතක තොටුපළ)

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Hiran Herath

Related post

1 Comment

Comments are closed.