යලි අමතනවද පුතේ කියා
සඳු නැති අඹරක වලා පෙළට වැසි තරු දෙස අඩවන් දෙනෙත් අයා
සිටිනෙමි මගේ ලොව බොඳ වුණු සඳරැස් එනතුරු යලි මගෙ නින්ද සොයා
ඇවිළුණු හිත යට කඳුළු සිඳුණු නෙතු පාරන මතකයෙ සුවඳ තියා
හීනෙන් හෝ මා තුරුළු කරන් යලි අමතනවද මගෙ පුතේ කියා
තත් සිඳුණු වෙණ වැලපෙති වස් දඬු ද නිහඬව ගොළු වෙලා
පෙති සලා සඟවලා මකරඳ කඩුපුල් ද මුකුලිත වෙලා
දිය ගලා විත් සෙනේ ගඟුලින් තෙමූ මිහි තුල සැතපිලා
හඬවලා කිරි සුවඳ ගෙනගොස් මවුණි ඔබ මා තනිකලා